Pages

Thursday, 18 April 2013

තෙත්බිම්


තෙත්බිම් සම්බන්ධව ඇති අර්ථ නිරූපණ අතර රැම්සාර් සම්මුතියේ අර්ථ නිරූපණය වැදගත් වේ. "Areas of marsh,fen, peatland or water, whether natural or artificial permanent or temporory,with water that is static or flowing, fresh, brackish or salt, including areas of marine water the depth ofwhich at low tide does not exceed the 6 meters." ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සැලකූ විට තෙත්බිම් ඉතා ඉහල වටිනාකමෙන් යුක්ත අතර අද වන විට තෙත්බිම් 36900ක් පමණ හඳුනාගෙන තිබේ.
මේ අතර බූන්දල , එඹිලිකල, මලාල, වැනි කලපු ආශ්‍රිත තෙත් බිම් වැදගත් වේ. ගංවතුර පාලනය,ජලජ/ ජලචර අතිවි‍‍ශේෂ ජීවි විශේෂ වල පැවැත්ම මගින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම,‍දේශීය ‍බෙහෙත් වර්හ සැපයීම.... ආදී වශයෙන් ආර්ථික, සමාජීව ජීවවිද්‍යාත්මක, පාරිසරික වශයෙන් ඇති මහත් ප්‍රයෝජන නිසා තෙත් බිම් වැදගත් වන අතර ඉහත රැම්සාර් සම්මුතිය අනුව ශ්‍රී ලංකාවේ 1.අභ්‍යන්තර ‍තෙත්බිම් 2.කරදිය තෙත්බිම් 3.මිනිසා විසින් නිර්මාණය කරන ලද තෙත්බිම් ලෙස වර්ග 03කි.

අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත තෙත් බිම්

Wetland 01.jpg
  • ගංගා හා දිය කඩිති සලකන විට ලංකාවේ ගංගා පද්ධතියක්ම තිබෙන අතර මූලික වශයෙන් 103කි.මහවැලි,කැළණි,වලවේ, වැනි මධ්‍ය කඳුකරයේ ඉහල තෙත්බිම් වලින් පටන් ගෙන පහල තැනිතලා හරහා ගලා බසින ගංගා මගින් ආර්ථික, පාරිසරික, ප්‍රයෝජනවත්කම් රාශියක් සිදුවේ. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන්4500 කි.මී. ගංගා වේ.
උදා මහවැලිය ලංකාවේ දිගම ගඟ ලෙස විශාල ආර්ථික පාරිසරික මෙහෙයක් ඉටු කරයි.
  • විල් තෙත්බිම්
ලංකාවේ ස්වභාවික විල් විශාල වශයෙන් නැතත් ගංවතුර මර්ධන විල් කීපයක් තිබේ.ලංකා භූමියෙන් හෙක්ටයාර් 12500ක ප්‍රමාණයක් ගංගා ආශ්‍රිතව පවතී. උදා මහවැලි ගඟ ආශ්‍රිතව නැගෙනහිර ගංවතුර මර්ධන හන්ඳපාන, පින්දිය විල් හෙක්ටයාර් 796කි. විල්පත්තු ජාතිකවන උද්‍යානයේදජෛව විස්‍යාත්මක විල් පද්ධති කීපයක්ම වේ.
  • නොගැඹුරැ මඩ වලවල්
බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවල ගගකට සම්බන්ධව හෝ ගංගා පිටාර ගැලීමකින් මතුපිටින් වතුර හා කාබනික අපද්‍රව්‍ය ගලාඒමෙන් මෙම තෙත්බිම් නිර්මාණය වේ. උදා මුතුරාජවෙළ තෙත්බිම.
  • තෘණ පාත්ති
මෙය පසුකාලීනව සොයාගත් තෙත්බිම් විශේෂයක් වන මෙම පරිසර පද්ධතිය ගස්වැල් මෙන්ම ගංවතුර පිටාර ගැලීමෙන් ඇතිවන ගලානොයන පල්වතුර මත සැදෙන පාසි පෙද ආදිය වැඩෙන්නකි. ඉතා දුබල පරිසර පද්ධතියක් වන අතර කලුගඟ සීමාවේ වලව්ව වත්ත සහ වතුරන තෙත්බිම් උදාහරණ ලෙස දැක්විය හැක.

කරදිය ආශ්‍රිත තෙත්බිම්

Wetland 02.jpg
  • ගංමෝය සහ ඩෙල්ටා
මේවා එකිනෙකට සම්බන්ධිත තෙත්බිම් වේ. ගංගාවක් මුහුදට වැටෙන ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වේ. ගංගාවක් දිනපතා රැගෙන එන නොයෙක් වර්ගයේ ගල් වර්ග, වැලි, කාබනික ද්‍රව්‍ය, මුහුදු ජලය හා මිරිදිය අතර තැම්පත් කිරීමෙන් දිනපතා වර්ධනය වීම මේවාහි ඇති විශේෂ ලක්ෂණයයි. මෙවන් තෙත් බිම් 45ක් පමණ දැනට හදුනාගෙන තිබේ. .කාබනික ද්‍රව්‍ය හේතුවෙන් මත්ස්‍ය ආහාර පැළෑටි වර්ග වර්ධනය වීමෙන් අතිවිශේෂ ජෛව විවිධත්වයක් පවතී. ඩෙල්ටා ආශ්‍රිත හෙක්ටයාර් 1000ක් පමණ වේ. උදා මාදුගඟ,බෙන්තොට
  • කලපු
මේවාද කරදිය හා මිරිදිය මිශ්‍ර වූ ජලයකින් සමන්විත වේ.මුහුදෙන් වෙන්ව හෝ පටු ස්ථානයකින් මුහුද හා සම්බන්ධව පැවතිය හැක.ඇතැම් විට ධීවරයන්ට වරායක්ද වේ.මත්ස්‍ය කටයුතු ප්‍රමුඛ අනෙකුත් ආර්ථික කටයුතු වලටද ශාක හා සත්ව වාසස්ථාන වල‍ටද වැදගත් වේ. උදා බූන්දල කලපුව, කලමැටිය කලපු‍ව
  • කොරල් පර හා තෘණපාත්ති
ශ්‍රි ලංකා තෙත් බිම් අතර මීටර් 6ට අඩු ගැඹුරකින් යුත් තෙත් බිම් වේ. මේවා ආශ්‍රිතව පවත්නා අලංකාරත්වය සහ සදාහරිත වනාන්තරය ජෛව විවිධත්වයක් හා සම නිසාද ඉතා වැදගත් වේ. උදා මන්නාරම් මුහුදු තීරය ත්‍රිකුණාමලයේ සිටකල්මුණේ දක්වා නැගෙනහිර වෙරළ දකුණු හා නිරිත දිග වෙරළ (හික්කඩුව,රැමස්සල)

මිනිසා විසින් නිර්මාණය කළ තෙත්බිම්

  • වැව් හා ජලාශ
ශ්‍රි ලංකාවේ ස්වභාවික වැව් නැතත් 10,000කට ආසන්නව මිනිසා විසින් නිර්මාණය කළ සංස්කෘතික උරැම වන වැව් හදුනා ගත හැක.එය ස්ථිර වාරිමාර්ග බිම් හෙක්ටයාර් 7820ක් ද සෘතුමය ‍වාරිමාර්ග බිම් හෙක්ටයාර් 52250කි. උදා පරාක්‍රම සමුද්‍රය
  • කුඹුරැ හයායවල් ආශ්‍රිත තෙත්බිම්
වතුර ලැබෙන ආකාරය අනුව කුඹුරැ ආශ්‍රිත තෙත්බිම් තාවකාලික හා සෘතුමය ලෙස කොටස් 02ක් වන අතර මෙම කොටස් අනුරෑපව මත්ස්‍ය විශේෂ බෝවීමද සිදුවේ.මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 7,80,000 ලංකාවෙන් 12% වේ. මෙම පරිසර පද්ධති ඉහල වටිනාකමෙන් යුතු වනවා සේම මින් 75% ක්ම තැනිතලාව හා සම්බන්ධ වේ.

ලංකාවේ තෙත් බිම් වල විශේෂත්වය

ඕනෑම තෙත්බිමක් පස, ජලය,පැළෑටි හා සතුන්ගේ එකතුවකි. මේවා අතර සිදුවන අන්තර් ක්‍රියාකාරිත්වයෙන් මිනිසාගේ යහපැවැත්ම සඳහා කටයුතු රැසක්ඇතිවේ.

තෙත්බිම් වල ආර්ථික ප්‍රයෝජන

භාවිතයඋදාහරණඅදාළ තෙත් බිම්
ජලය සැපයීම හා ප්‍රවාහනය
  • ගෘහස්ත කටයුතු සඳහා
  • වාරිමාර්ග කටයුතු සඳහා
කලටුවාව,මින්නේරි වැව,ලබුගමකුඹුරැ, කුඩා නොගැඹුරැ ජලාශ,වැව්
කෘෂිකාර්මික නිෂ්පාදනසහල්ගංගා,දොළපහරවල්, වැව්,ජලාශ
ආයුර්වේද බෙහෙත් ලබා ගැනීමට.ලුනුවරණ ආයුර්වේද ඔසුවකුඩා ජලාශ ආශ්‍රිතව
අත් නිපයුම් සහ පැදුරු ආදියට
අමුද්‍රව්‍ය සැපයීම
කදුරු,පන්කොළකුඩා නොගැඹුරු තෙත්බිම් ආශ්‍රිත‍ව
ජලවිදුලිය නිපදවීමවික්ටෝරියා,රන්දෙණිගල,
රන්ටැඹේ
දියඇලි,ජලාශ
මත්ස්‍ය නිෂ්පාදනසියලුම මිරිදිය ජලාශ
මුහුදු කලාප,කලපු වතුර සහිත බිම්
ගංගා,වැව්,ජලාශ,කලපු,ගංමෝය
මාලු විශේෂ සහ ශාක ආදිය
යොදා කරන විසිතුරු භාණ්ඩ සහ ආභරණ නිෂ්පාදන
සිප්පි මාල ,බෙල්ලන් ආශ්‍රිත භාණ්ඩදිය පහර,කුඩා ජලය පිරි විල්,මුහුදු වෙරළ
ආගමික කටයුතු සදහා මල්
විශේෂ
ඕලු, නෙලුම්,මානෙල්පොකුණු,කුඩා ජල විල්
ලුණුහම්බන්තොට කලපුවලේවායන්
සංචාරක ව්‍යාපාරබූන්දල තෙත් බිමවැව්,කලපු,දියඇලි
මෙසේ ඉමහත් සේවයක් සිදු කළද නූතනයේ වඩාත් අවධානමට ලක්ව ඇති පරිසර පද්ධතිය වන්නේ තෙත්බිම් විනාශ වීම මහත් අවාසනාවකි. විශේෂයෙන්ම නූතනයේ සිදුවන දේශගුණ විපර්යාස නිසා තෙත්බිම් විනාශ වීමද තෙත්බිම් විනාශවීම නිසා දේශගුණ විපර්යාසද සිදුවේ. *තෙත්බිම්වල වතුර ගලායාම වැළැක්වීම *පරිසරයේ ජලතුලිතතාවය විනාශ කිරීම. *ෆාම් තෙල් හා යුකැලිප්ටස් යොදා කරන නිෂ්පාදන වැඩිකිරීම. *හානිකර කෘෂිකාර්මික කටයුතු *ජල උල්පත් විනාශ කිරීම. ආදියද හේතු වශයෙන් දැක්විය හැක.කෙසේ වෙතත් තෙත්බිම් වල ඇති සදාකාලික වටිනාකම හේතුවෙන් මේවා රැකහැනීමට ඇති අවශ්‍යතාවය තේරැම් ගැනීමක් ලෙස 1971 රැම්සාර් සම්මුතිය හදුනාගත හැකිය.රාජ්‍යන් අතර අන්තර් සහයෝගිතාවය තුළින් තෙත්බිම් ආරක්ෂාවට පියවර ගනු ලබන මෙහි මේ වන විට රටවල් 157ක් සම්බන්ධ වී ඇති අතර ‍හෙක්ටයාර් මිලියන 153ක් හදුනාෙගන ඇත.ප්‍රාදේශීය ,දේශීය,ජාතික,අන්තර්ජාතික සහභාගිත්වය හා ක්‍රියාකාරකම් තුළින් ධරණීය සංවර්ධනය වෙත යන පරිදි සංරක්ෂිතව හා ප්‍රඥාවන්තව යොදා ගැනීම මෙය මූලිකව අරමුණ වී ඇත.
පෙබරවාරි 02 ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කිරීමද මෙහි එක් ක්‍රියාවක් වන අතර එදිනට ලොවපුරා තෙත්බිම් ආරක්ෂාවටපහත ආකාරයේ විවිධ ක්‍රියාමාර්ග ගනුලැබේ. *‍තෙත්බිම් සම්බන්ධව පෝස්ටර්,ස්ටිකර්,වීඩියෝ,පොකට්,කැලැන්ඩර්,අත්පත්‍රිකා ,හා වෙනත් තොරතුරැ ඇතිලත් දෑ බෙදා හැරීම. *සම්මන්ත්‍රණ *ලෝකයේ වත්මන් තෙත්බිම් නැරඹීමට යාම. *ළමා චිත්‍රතරඟ පැවැත්වීම. *සහයෝගයෙන් පිරිසිදු වැ‍ඩසටහන් ක්‍රියාත්මක කිරීම. *රේඩියෝ සහ රෑපවාහිනී සම්මුඛ සාකච්ජා පැවැත්වීම. *පුවත්පත් ලිපි පළ කිරීම. *නව තෙත්බිම් ප්‍රතිපත්ති සැකසීම. *නව රැම්සාර් යටත් ප්‍රදේශ හදුනා ගැනීම. *නව රැම්සාර් වැඩසටහන් හදුනා ගැනීම. *තනිපුද්ගල, ස්වේච්ඡා සංවිධාන,පාසැල් ළමුන්,රාජ්‍ය ආයතන,ආදී සියලු දෙනාගේ නව සංකල්පනා සොයා යාම.

050.gif

ශ්‍රී ලංකාවද මෙම සම්මුතියේ පාර්ශවයක් වන අතර මෙවර තෙත්බිම් දිනයේ ‍තේමාව වන්නේ"Healthy Wetlands Healthy People" යන්නයි.


Tuesday, 16 April 2013

හරිත විප්ලවය -නෝමන් බ්ලොග්


“පුත, අනාගතයේ දි නුඹට නුඹේ කුස යහමින් පුරවා ගන්නට  අවශ්‍ය නම් දැන් සිටම නුඹ නුඹේ හිස දැනුමින් සහ ප්‍රඥාවෙන් පුරවා ගනිං.” එහෙම කිව්වේ නෙල්ස් ඔල්සන් බොලොග්. ඔහු ශූර ගොවියෙක්. මේ නෙල්ස් බොලොග් නම් දැනුම් තේරුම් ඇති මිනිසාට සිටියා මුණුබුරෙක්. ඒ මුණුබුරාට තමයි ඔහු අර කීර්තිමත් අවවාදය දුනනේ. මුණුබුරාගේ නම තමයි නෝමන් බොලොග්. ඉතා පැහැදිලිවම නෝමන් බොලොග් සම්පූර්ණ මිනිසෙක් වෙන්නේ අර කියපු අවවාදයෙන් පසුවයි.
කවුද මේ නෝමන් බොලොග්? ඉතිහාසය අදටත් ඔහුට කියන්නේ “විස්මිත මිනිසා” කියලයි. ඔහු විස්මිත මිනිසෙක් වුණේ මෙහෙමයි.
නෝමන් උසස් පෙළ සමත් වීමෙන් පසු මිනෙසෙටා විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනවා. ඒ 1933 අවුරුද්දේ. 1930 දශකය ඇමරිකා එක්සත් ජනපදයට අභාග්‍ය සම්පන්න අදුරු කාලයක් වුණා. නෝමන් කියන්නේත් ඒ අදුරු කාල පරිච්ඡේදයේ කොටස්කාරයෙක්. ඒ කාලයේදී ඇමරිකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පානවා. රැකියා අහිමි වීම්, බඩගින්න ඇමරිකන් වැසියන් ගේ පොදු අත්දැකීමක් බවට පත් වෙනවා.
මේ තත්ත්වය යම් ආකාරයකින් හෝ ජයගන්න එහෙම නැත්නම් ඊට සහනයක් වෙන්න සංවිධානයක් ද මේ කාලයේදී බිහිවෙනවා. “සිවිල් ජනතාව සුරැකීමේ බලකාය” නමින් හැදින්වෙන එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් නෝමන් ද කටයුතු කරනවා. මෙහිදී තමන් සමග කටයුතු කරන බොහෝ දෙනා නිසා අහර නොමැති කමින් හාමත්ව සිටිනු ඔහු දකිනවා. එසේ දකිත්ම දකිත්ම ඔහුගේ සිතින් බොහෝ දේ ඉවත් වෙනවා. එනම් එක දෙයක් පමණක් සිත තුළ රැදෙනවා. කුස ගින්නෙන් පෙළෙන්නවුන්ගේ කුස පිරවිය හැකිනම් එය කෙතරම් විශාල පුණ්‍ය කර්මයක් ද කියන සිතුවිල්ල තමයි එසේ ස්ථීර ලෙසත් තීරණාත්මක ලෙසත් ඔහු තුළ ඉතිරි වෙන්නේ. 
Norman Borlaug
Norman Borlaug.jpg
Borlaug speaking at the Ministerial Methodist Conference and Expo on Agricultural Science and Technology, June 2003.
BornMarch 25, 1914
Cresco, Iowa
DiedSeptember 12, 2009 (aged 95)
Dallas, Texas
CitizenshipUnited States
NationalityAmerican
FieldsAgronomy
Institutions
Alma materUniversity of Minnesota
Known for
Notable awards
ඒ 1937 අවුරුදද යි. ඔහු වන සංවර්ධන විද්‍යාව පිළිබද උපාධිය දිනා ගන්නවා. පසුව වසංගත රෝග මගින් ඉරිගු, ඕට්ස්, බාර්ලි වැනි ධාන්‍ය විනාශයට පත්කරන දිලීර නිරික්ෂණය කොට ඒවාට සාර්ථකව මුහුණ දිය හැකි බීජ සහ පැළෑටි ජාන තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවීමට ඔහු සිය පර්යේෂණ කටයුතු මෙහෙයවනවා. 1940 දී ජාන තාක්ෂණ විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය ඔහු ලබනවා. ඒ අර කියපු පර්යේෂණ කටයුතුවල ප්‍රතිඵලයක් විදිහටයි. ඒත් සමගම ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක් ලෙස ඔහු සිය ප්‍රථම රැකියා පත්වීමද ලබනවා.
ඉන් කාලයකට පසු ඔහු මෙක්සිකෝවට යනවා. ඒ ඇමරිකන් රජයේ ඉල්ලීමකට අනුව එරට තිරිගු පර්යේෂණ වැඩ සටහනේ ප්‍රධානියා විදිහටයි. එසේ වසර 16 ක කාලයක් එහි සේවය කරන නෝමන් බොලෝග් දිලීර රෝග වලට සාර්ථකව මුහුණදිය හැකි ඉහළ ඵලදාවක්ද ඇති තිරිගු බීජ විශේෂ කිහිපයක්ම හදුන්වා දීමත් සිදු කරනවා. මෙසේ දිනෙන් දින නව බීජ විශේෂ හදුන්වා දීමට නොමන් සමත් වෙන අතර 1963 පමණ වන විට මෙක්සිකෝවේ වහා කරන ලද තිරිගු බෝග වලින් සියයට 95 ක්ම නෝමන් බොලොග්ගේ සොයා ගැනීම් වශයෙන් සටහන් වෙනවා. මෙහිදී මතක තබාගත යුතුයි. ඔහු මෙක්සිකෝවට ආවේ 1944 දී. එදා රටක් වශයෙන් මෙක්සිකෝව ලැබූ ඵලදාවත් තිබුණා නම් 1962 වෙනකොට ඒ වගේ හය ගුණයක් විශාල අස්වැන්නක් ලබන්නට මේ රට සමත් වෙනවා. මෙන්න මෙතැනදි තමයි‍ ලෝකය මුලින්ම විශ්මයට පත් වෙන්නේ.
“විශ්මිත කෘෂි විද්‍යාඥයා” යන පටබැදි වගේම ගෞරව නාමය ඔහුට ලැබෙන්නේ ඒ අනුවයි.
The Population Bomb සිංහල අර්ථයට අනුව ජනගහන බෝම්බය ජීව විද්‍යාඥයෙක් වන පෝල් ආර්. අර්ලිට් රචනා කරන්නේ 1968 දී යි. එය විද්‍යාත්මක අනාවැකි වලින් පිරුණ පොතක්. මේ විද්‍යාත්මක අනාවැකි ලෝක ප්‍රජාව අතර ඇති කළේ මහත් වූ කුතුහලයක්. ඒ වගේම එය ලෝකය පුරාම ප්‍රචලිතවුණා. පහත එන්නේ එවැනි එක් අනාවැකියක්.
“ලෝකයේ මිනිසුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නිෂ්පාදනය කළ හැකිය යන අරමුනින් පටන් ගන්නා ලද වගා සංග්‍රාමය ඉතා දුක්ඛදායක අවසානයකට ළගා වී තිබෙනවා. ඒ අනුව 1970 හා 1980 දශක ඉදිරියේ දී එළැඹෙන අතර එවිට මිලියන ගණනින් මිනිසුන් නිරාහාරව මිය යනවා. එය කිසිදු කෘෂිකාර්මික යෝධයෙකුට නවත්වන්න පුළුවන් වෙන්නේ නෑ.”
නෝමන් බොලොග් නම් ලෝකයේ විස්මිත කෘෂි විද්‍යාඥයා මෙන්න මේ අනාගත තත්ත්වය අභියෝගයක් විදිහට බාර ගන්නවා. එතැනදී ඔහු සම්පූර්ණ විශ්වාසය තබන්නේ ජාන තාක්ෂණය මගින් සොයා ගන්නා ලද නව බීජ ප්‍රභේද ගැනයි. එය ලොව පුරාම සාර්ථක වෙනවා. උදාහරණයක් ලෙස 1965 දී පකිස්ථානයේ පමණක් නිපද වූ තිරිගු ප්‍රමාණය ටොන් මිලියන 7.6 ක්. එහෙත් ඊට පෙර ඒ කියන්නේ බොලොග් මේ කටයුත්තට අත ගහන්නට පෙර ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව ටොන් මිලියන 4.6 කටයි සීමා වී තිබුණේ. ඊළගට ඔහු ඉන්දියාවට යනවා. 1965 දී ටොන් මිලිනය 12.3 ක් ඉන්දියා වේ තිරිගු අස්වැන්න 1970 වන විට ටොන් 
මිලියන 20.1 ක් දක්වා ඉහළට ගෙන එන්නට ඔහු සමත් වෙනවා.
පෝල් ආර්. අර්ලිට්ගේ ජනගහන බෝම්බයට එරෙහිව නෝමන් බොලොග් කටයුතු කරන්න පටන් ගත්තේ ඒ ආකරයට යි. ඒ ආකාරයෙන් කටයුතු කළ ඔහු අර කියපු ජනගහන බෝම්බය ඇත්තක් නොව නැත්තක් බවට පත් කරනවා. අනාවැකියට අනුව ලොව පුරා හටගන්නා මහා ආහාර අහේනියකින් මිය යාමට ආසන්නව සිටි බිලියනයක් තරම් වූ ජනකායක් සිය විස්මිත බීජ ප්‍රභේද වලින් ගලවා ගැනීමට ඔහු සමත් වෙනවා. “හරිත විප්ලවය” යනනමින් එය ලොව පුරා ව්‍යාප්තියක් කීර්තියත් එකවර අයත් කර ගන්නවා.
ඊළගට එළඹුණේ 1980 දශකය යි. ලොව පුරා පරිසරවේදීන් සහ මේ මහා කෘෂි විද්‍යාඥයා අතර බරපතල විවාදයක් හට ගන්නවා. පරිසරවේදීන් පවසන්නේ මේ හරිත විප්ලවය අනාගත පාරිසරික අර්බුද රැසක්ම ඇති කරනු ඇති බවයි. විශේෂයෙන්ම රසායනික පෝර සහ රසායනික කෘමිනාශක පසට එකතු කරමින් වැඩි අස්වැන්න සියඑකම ඉලක්කය බවට පත් කරගත් හරිත විප්ලවය ගැන පරිසරවේදීන් නැගූ විරෝධය නෝමන් බොලොග්ගේ  විවේචනයටත් අප්‍රසාදයටත් හේතු වූ බව මෙහිදී කියන්නට සිදුවෙනවා. මෙතැනදි බොලොග්ගේ එකම ඉලක්කය වූයේ වැඩිවන ජනගහනයට සරිලන වේගවත් ආහාර ඵලදාවක් ලබාදිමයි. ඔහු සිය ජිවිත කාලයෙන් හරි අඩක් ම ගතකළේ ඒ වෙනුවෙනුයි. එතැනදි පරිසරවේදීන් මෙය පාරිසරික දූෂණයක් ලෙසින් සලකා ඊට විරෝධය පාන්නේ ඇයි ද කියා මුලින්ම විස්මයට පත්වන ඔහු පසුව කෝපයට පත් වෙනවා.
එහිදී ඔහු දිගින් දිගටම පෙන්වා දෙනවා. රසායනික පෝර අත්හැර කාබනික පෝර කෙරෙහි පමණක් විශ්වාසය තැබීමෙන් ඉහල ඵලදාවක් අත්පත් කරගන්නට නොහැකිය කියන කාරණය. එවැනි අඩු ඵලදාවකින් වැඩි වන ජනගහනයේ බඩකට පුරවන්න පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් විශාල වශයෙන් වනාන්තර එලි කරන්න සිදු වේවි. එහෙත් රසායනික හෙවත් කාබනික පෝර භාවිතා කළොත් අඩු වහා ඉඩම් ප්‍රමාණයකින් ඉහළම අස්වැන්නක් ලබන්න පුළුවන්කම තියෙනවා.
උදාහරණයක් වශයෙන් 1950 වසරේ දී ටොන් මිලියන 692 ක් වූ ගෝලීය ධාන්‍ය නිෂ්පාදනය සදහා අවශ්‍ය වූයේ අක්කර බිලියන 1.7 ක ඉඩම් ප්‍රමාණයක් පමණයි. 1992 දී ගෝලීය ධාන්‍ය නිපැයුම ටොන් බිලියන 1.9 ක් වූ අතර අවශ්‍ය වූ බිම් ප්‍රමාණය අක්කර බිලියන 1.73 ක්. ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ ගෝලීය ධාන්‍ය ඵලදාව සියයට 170 කින් ඉහළ නැංවීම සදහා අවශ්‍ය වී ඇතතේ සියයට 1 ක් තරම් වූ වැඩිපුර ඉඩම් ප්‍රමාණයක් පමණයි.
ඒ අනුව නෝමන් බොලොග් පවසන්නේ සිය අධි ඵලදා කෘෂිකර්මයෙන් ඔහු ඉන්දියාව ට ඔවුන්ගේ කැලෑ ඉඩම් අක්කර මිලියන 100 ක් ආරක්ෂා කර දී තිබෙන බවයි. 1980 දශකයේ දී ඉතියෝපියාවේ, ඝානාවේ, නයිජීරියාවේ සහ ටැන්සානියාවේ සිදු කළා වූ මිශ්‍ර ධාන්‍ය වගාව නිසා ඒ රටවලද කෘෂිකාර්මික ඵලදාව දෙගුණ නොව තෙගුණ වූ බවට වාර්තා වෙනවා.
නෝමන් බොලොග් 2009 සැප් 12 දා අවුරුදු 95 ක් ආයු විද මිය ගියා. මෙතැනදි අපිට පිලිගන්න සිදු වෙනවා ඔහු තමා විසූ යුගයට සාපේක්ෂව ‍ඓතිහාසික කාර්යභාරයක් කළාය කියන එක. එහෙත් කාබනික පෝර වලට ඔහු දැක් වූ විරෝධය ගැන අපට නැවතත් සිතන්න සිද්ද වෙනවා. රසායනික පෝර වල පවත්නා සීමිත බව සහ පාරිසරික විරෝධී බව අද ලෝක මට්ටමින් පිලිගත් සත්‍යයක්. පිලිගත් සමීක්ෂණ සහ පර්යේෂණ පෙන්වා දෙනවා කාබනික පෝර රසායනික පෝර වලට සාපේක්ෂව ඉහළ ඵලදාවක් ලබත හැකි ක්‍රමයක් කියලා.
ඒ නිසා අදටත් අපට නෝමන් බොලොග් කෙනෙක් අවශ්‍යයි. එහෙත් ඔහු වර්තමාන පාරිසරික යථාර්තය පිලිගන්නා අයෙක් විය යුතුයි. කොටින්ම ඔහු හොද පරිසරවාදියෙක් විම අවශ්‍යයයි. ඔහු අපේ කාලයේ මිනිසෙක් විය යුතුයි.

Tuesday, 9 April 2013

ජෛව ගෝලය


ජෛව ගෝලය...



පෘථිවියේ ජීවින් සිටින කලාපය ජෛව ගෝලය වේ. පෘථිවිය මත වෙසෙන සියලු ජිවිනුත් එම ජිවින් සමග අන්තර් ක්‍රියා කරන අජිවි පරිසරයත එක්ව තැනෙන අති විශාල ක්‍රියාකාරි ඒකකය ජෛව ගෝලය ලෙස අර්ථ දැක්විය හැකිය. මුළු පෘථිවියටම ඇත්තේ තනි ජෛව ගෝලයක් වන අතර සියලුම පරිසර පද්ධතින් ඒ තුළ ක්‍රියාත්මක වේ. භෞම පද්ධතිය තුළ පිහිටි ඉතාම වැදගත් උප පද්ධතියක් ලෙස ජෛව ගෝලය හැඳින්විය හැකිය. එහි සංයුක්ත වි ඇති මුල ද්‍රව්‍යවන්නේ හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන් හා නයිට්‍රජන්ය.

සැවානා

සැවානා...



සවානා යනු තෘණ බිම් ජෛව පද්ධතියක් වන අතර එහි විසිර පවත්නා ශාක සහ පඳුරු දක්නට ඇත. සවානා හි ශාක කුඩා වන අතර හෝ ඒවා එකිනෙකට ඈතින් පිහිටා ඇති නිසා ඒවායෙහි ශාක උඩුවියන් එකිනෙකින් වසා ගැනීමක් සිදු නොවේ. එමනිසා සවානා යනු එකිනෙකට ඈතින් පිහිටි පැතිර පවත්නා ශාක පවතින ප්‍රදේශයක් ලෙස විශ්වාස කෙරේ.

කාන්තාර

කාන්තාර 


කාන්තාරයක් යනු ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමි දර්ශනයක් හෝ ප්‍රදේශයකි. කාන්තාරයක් වාර්ෂික වර්ෂාපතනය 250 mm ට වඩා අඩු ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම එය වර්ෂාව ලෙස ලැබෙන ජල ප්‍රමාණයට වඩා ජලය අහිමි වී ගිය ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. කෙපන් ගේ කාලගුණ වර්ගීකරණයට අනුව කාන්තාර පන්ති BWH ( ඝර්ම කාන්තාර - hot desert ) BWK ( සමෝෂ්ණ කාන්තාර - Temperate desert) වශයෙන් වර්ග දෙකකි.