වර්ෂා වනාන්තර පිලිබදව
ශ්‍රී ලංකාවේ පහත රට සහ මැදරට තෙත් කලාපයේ ඇති ස්වභාවික වනාන්තර,
නිවර්තන තෙත් සදාහරිත වනාන්තර ලෙස හැදින්වේ. බොහෝ කලකට පෙර පහතරට සහ මැදරට
තෙත් කලාපයෙන් වැඩි කොටසක් මෙම වනාන්තර වලින් වැසී තිබේ. තේ,රබර් වැනි බෝග
වගාකිරීම සඳහා ද ජනාවාස ඇතිවීම ද හේතු කොට ගෙන මෙම වනාන්තර ප්‍රදේශ විශාල
ලෙස එළි කර තිබේ.අද මෙම දේශගුණික කලාපයේ වනාන්තර ප්‍රදේශ ඇත්තේ 8% ටත් වඩා
අඩුවෙනි.දැනට ඉතිරිව ඇති වනාන්තර අතුරින් ප්‍රසිද්ධියක් දරන්නා වූ ප්‍රධාන
වනාන්තරයක් නම් ලෝක ප්‍රසිද්ධ සිංහරාජ වනාන්තරයයි. ශ්‍රී ලංකාවේ නිවර්තන
වර්ෂා වනාන්තර, ජගත් බීයෝම යටතේ සලකා බැලූන නිවර්තන වර්ෂා වනාන්තර වලට කදිම
නිදසුනකි. ශ්‍රී ලංකාවේ මෙම වනාන්තර උතුරින් දැදුරු ඔයෙනුත්,දකුණින් වලවේ
ගඟිනුත්, නැගෙනහිරින් මුහුදු මට්ටමේ සිට මීටර 305 (අඩි 1000) සීමාවෙනුත්
වටවී තිබේ. ශ්‍රී ලංකාවේ මුළු නිවර්තන වර්ෂා වනාන්තර ප්‍රමාණය අක්කර ලක්ෂ
4 කි
4 කි
වනාන්තර ප්‍රදේශ අක්කර ප්රමාණය
- සිංහරාජ අඩවිය - 100,000
- කන්නෙලිය – 15,000
- දැදියගල – 9,000
- කැලණි නිම්නය – 12,000
- මූලටියාන – 8,000
- නාකියාදෙනිය – 6,000
- රම්මල් කන්ද – 4,000
පාරිසරික සාධක
ශාකමය අගය
ශ්‍රී ලංකාවේ තෙත් සදාහරිත වනාන්තර වල ශාක විශේෂ 100 සිට 140 දක්වා වූ ප්‍රමාණයක් අන්තර්ගත වේ.මෙම වනාන්තර වල ඇති වෘක‍්‍ෂයන් හි උස එකිනෙකට වෙනස්ය.එමනිසා ඒවා ස්ථරීය ආකාරයකට දිස්වේ.එනම් යටිරෝපණයක් දක්නට ලැබේ. වැඩිම උස ශාකය මීටර 45ක් පමණ උසට වැඩෙන අතර එවැනි ශාක වල මුදුන් එකට එක්වී අඛණ්ඩ වියනක් සාදයි.මෙම වියන සාදන වෘක්ෂ වලට කටබොඩ, මලබොඩ, කිරිහැඹිලිය, අරිද්ද වැනි වෘක්ෂ විශේෂ අයත් වේ. උද්භිත ශාක වන හොර, බූ වැනි වෘක්ෂ “ඩිප්ටෙරොකාපස්” කුලයට අයත් වේ. වියන් ස්ථරයට පහළින් මිටි ගස් වලින් යුක්ත තවත් එක් ස්ථරයක් හෝ ස්ථර 2ක් ද ඊට පහළින් පඳුරු සහිත ස්ථරයක්ද වේ.ඊට යටින් අවසාන වශයෙන් අකාෂ්ඨමය පඳුරු විශේෂ වලින් බිම් වැස්ම හෙවත් වටි වගාව දක්නට ලැබේ. වෘක්ෂ, පඳුරු සහ පැළෑටි වලට අමතරව ඉතා විශාල කාෂ්ටමය ආරෝහක ශාක විශේෂ ගණනාවක් ද මෙම වනාන්තර වල දක්නට ලැබේ. මේවා වියන් ස්ථරය තරමටම වැඩේ. උදා: වෙනිවැල් ගැට, පුස්වැල් ශ්‍රී ලංකාවට විශේෂ වූ ශාක 3100 ටත් වඩා ප්‍රමාණය අතුරින් 28%ක ප්‍රමාණයක් මෙම වනාන්තර තුළ දක්නට ලැබේ. ශාක විශේෂ අනුව වෙනස් වුවද ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තර කොංගෝ, ඇමර්සන් වැනි වනාන්තර වලට ස්වභාවයෙනුත්, පෙනුමෙනුත් සමාන වේ. උඩු වියන හේතුවෙන් වනාන්තරය තුළට ආලෝකය වැටීම සීමා කෙරෙන හෙයින් ඒ තුළ අඳුරු බවක් දක්නට ලැබේ. වියන් ස්ථරයේ ඇති ප්‍රධාන ශාක : දොඹ. කීන, නා, මලබොඩ, වල්දෙල්, ඇටඹ එමෙන්ම මෙම වනාන්තර තුළ උඩවැඩියා වර්ග රාශියක් ඇත
සත්ත්වමය අගය
මෙම වනාන්තර ජෛව විවිධත්වයෙන් යුක්තය. කෘමි විශේෂ, ගොළුබෙලි විශේෂ, මත්ස්‍ය, උරග, ඇමීෆීබියා, පක්ෂි විශේෂ සහ ක්ෂීරපායී සත්ත්ව විශේෂ රාශියක් ද මෙහි සිටී.
පෝෂණ ශාක
මෙහිදී පෝෂණ ශාක ලෙස හදුන්වන්නේ සමනල් දලබුවා (කීටයා) තම පෝෂණය සදහා ආහාර ලෙස තෝරාගන්නා ශාකයි. එක් එක් සමනල් විශේෂයට ආවේනික වූ ශාක විශේෂයක් හෝ විශේෂ කිහිපයක් පෝෂණ ශාක ලෙස තෝරාගනී. පෝෂණ ශාකයේ වැදගත්කම වන්නේ එම පෝෂණ ශාකය පරිසරයෙන් වදවී ගියහොත් එය “පෝෂණ ශාකය” ලෙස යොදාගන්නා සමනල් විශේෂයද සදහටම ලෝකයෙන් වදවියාමේ අවදානමක් පැවතීම හේතුවෙනි.
සමනලිය තම සංවේදී අවයව (රසායනික සංවේදක) වලින් තම විශේෂයට වෙන්වූ පෝෂණ ශාකය තෝරාගෙන එහි බිත්තර දැමීම සිදුකරයි. සමහර සමනලුන් එක් එක් බිත්තරයක් වෙන් වෙන් ස්ථානවල ලෑම සිදුකරන අතර (Common Sailor – සේලරුවා), සමහරක් බිත්තර විශාල ප්‍රමාණයක් එක් ස්ථානයක ලෑම සිදුකරයි. (Common Grass Yellow – තෘණපීතයා) තවත් සමහරක් සමනලුන් බිත්තර වැලක් ආකාරයට පෝෂණ ශාකයේ පත්‍රයක එල්ල තැබීම සිදු කරයි. (Tamil Yeoman – මකුලිසියා)
බිත්තර වලින් එලියට පැමිණෙන සමනල් කීටයා තම පෝෂණ ශාකයේ ලපටි කොටස් (දළු) කා දමමින් වර්ධනය වේ.
(නමුත් “Dark Wanderer – අඳුරුසැරියා” සමනලයාගේ දලබුවා තම පෝෂණ ශාකයේ මෝරාගිය කොළ ආහාරයට ගනී.)
මෙලෙස පෝෂණ ශාකයේ පත්‍ර ආහාරයට නොගෙන විශේෂ පෝෂණ ක්‍රම අනුගමනය කරන සමනල් විශේෂද හමුවේ.
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.