Pages

Thursday 18 April 2013

ජාන තාක්ෂනය


ජාන වෙනස් කර නිපදවූ බඩඉරිඟු  

ජාන කියන වචනය අපේ අහල නැති කෙනෙක් නැති තරම්. ශාක, සතුන් ආදී සියලුම ජීවීන්ගේ දේහ ලක්ෂණ බහුතරයක් තීරනය කරන්නේ මේ ජාන මගින්. සමහර මිනිස්සුන්ගේ හම සුදුපාට වෙද්දී තව සමහරකගේ කලු පාට වීමටත්, සමහර මිනිස්සු උස වෙද්දී තව සමහරු මිටි වීමටත්, ඇතැම් වී වර්ග වැඩි අස්වනු දෙන විට සමහර වී වර්ග අඩු අස්වනු ලබාදීමටත්, රට හරක් වැඩි කිරි ඵලදාවක් දෙනවිට බ‍ටු හරක් අඩු කිරි ඵලදාවක් දීමටත් හේතුව, මෙම  ජාන ජීවියාගෙන් ජීවියාට වෙනස් වීමයි. සෑම ජීවියෙකුටම ප්‍රභල ලක්ෂන එක්ක දුබල ලක්ෂනත් තියෙනවා. ඒක  සොබාදහමේ එක් න්‍යායක්. සමහර වී වර්ග ඉහල අස්වනු ලබා දුන්නත් පලිභෝධ වලට ඔරොත්තුදීමේ හැකියාව අඩුයි. ඒ වගෙම සමහර වී වර්ග අඩු අස්වනු ලබාදුන්නත් පලිභෝධ වලට ඔරොත්තුදීමේ හැකියාව වැඩියි. මේ වගේ කාරනා සම්බන්ධයෙන් ඔබට ප්‍රායෝගික අත්දැකීම් හොදටම ඇතිබව මට විශ්වාසයි.සොබාදහමේ මේ සංසිද්ධිය ටිකක් එහාට මෙහාට කරලා තමයි ජාන වෙනස් කල භෝග නිර්මානය කරන්නේ. දුර්වල ලක්ෂණ ඉවත්කර හෝ ප්‍රභල ලක්ෂන අලුතෙන් ඇතුලත් කර හොඳ ලක්ෂන ගනනාවක් සහිත ජීවියෙක් මෙහිදී නිර්මානය කරනවා. 

උදා :-  බඩ ඉරිගු වගා කරන කොට තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි පලිභෝධ හානි වැඩිවීම. කෘමි හානි මින් විශේෂයි. මීට විසදුමක් විදියට ගස තුලදිම කෘමීන්ට අහිතකර කෘමිනාශක නිපදවන බඩ ඉරිගු වර්ගයක් නිපදවල තියෙනව. මේ බඩ ඉරිගු වර්ගය සෑදීමට Bt හෙවත් Bacillus thuringiensis බැක්ටීරියාව සතු කෘමීන්ට විෂදායී සංයෝග නිපදවන ජානය බඩ ඉරිගු ශාක සෛලවලට අතුලත් කරල තියෙනවා. අමතරව කෘමිනාශක වලට යන වියදම් අඩුවීම, කෘමිනාශක නිසා සිදුවන පරිසර දූෂනය අවමවීම, කෘමිනාශක හේතුවෙන් මිනිසුන්ට සිදුවිය හැකි විෂවීම ඉවත්වීම, ප්‍රමානාත්මකව සහ ගුණාත්මකව ඉහල අස්වැන්නක් ලැබීම, නිශ්පාදන පිරිවැය අඩුවීම වගේ වාසි ‍රැසක් මින් අත් වී තිබෙනවා. වාසි වගේම අවාසි කීපයක්ද මෙම ජාන වෙනස් කල භෝග  සතුව පවතිනවා.

මහා පරිමානව බඩඉරිඟු වගාකරන ගොවියෙක් ඉන්නවා, අනෙකුත් ඉරිඟු වර්ගයන්ට සාපේක්ෂව කෘමිහානි ඉතා අවම, දිලීර වයිරස් සහ බැක්ටීරියා රෝගවලට මැනවින් ඔරොත්තු දෙන, නියඟ තත්ව සාර්ථකව තරණය කල හැකි බඩඉරිඟු ප්‍රභේදයක් ඔහුට ලබාදෙනවා. ඔබ හිතන විදියට ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද???  ටිකක් හිතල බලන්න...

90 දශකයේ මැද භාගයෙදි ජාන වෙනස් කල භෝග ඇතැම් රටවල් සිය වගාකරුවන්ට හදුන්වාදෙනවිට ඔබ කලින් මුහුනදුන් තත්වයටම ඔවුනුත් මුහුන දුන්නා. වගාකරුවන්ගෙන් බහුතරය අවම වශයෙන් මේ සිද්ධිය විශ්වාස කිරීමටවත් පෙළඹුනේ නැහැ. නමුත් ප්‍රායෝගිකව ජාන වෙනස් කල භෝගවල එම ලක්ෂන සැබෑවටම පවතින බව පසුව ඔවුන් අවබෝධකර ගත්තා. ආර්ථිකව සහ පාරිසරික වශයෙන් මෙම ජාන වෙනස් කල භෝග වගා කිරීම ඉතාමත්ම වාසි සහගත ක්‍රියාවක් වුනා.

1996 වෙනකොට සමස්ත ලෝකයෙන්ම ජාන වෙනස් කල භෝග වගාකොට තිබුනේ වර්ග කි.මී. 17,000 වැනි භූමි ප්‍රදේශයක. නමුත් 2011 වනවිට එම භූමි ප්‍රමානය වර්ග කි.මී.1,600,000 දක්වා වැඩිවුනා. ( අවුරුදු 15 ක් තුලදී 94 ගුණයක වැඩිවීමක්) වගාකරුවන් අතර ජාන වෙනස් කල භෝග ප්‍රචලිත වූ තරම එයින්ම පැහැදිලියි. 2010 දී කල ඇස්තමේන්තුවකින් හෙලිවූයේ ලොව සම්පූර්න වගාබිම් වලින් 10% ක් ජාන වෙනස් කල භෝග වගාකරමින් පවතින බවයි.


මුල් අවධිවලදී මෙම භෝග වැඩි වශයෙන් වගාකරන ලද්දේ සංවර්ධිත උතුරු ඇමරිකානු (ඇ.එ.ජ , කැනඩාව) රටවලය. ඒත් මෑත කාලයේදී සංවර්ධනය වෙමින් පවතින රටවලද සීඝ්‍රයෙන් මෙම භෝග වර්ග ව්‍යාප්තවෙමින් පවතිනවා. 2011 වනවිට ඇ.එ.ජ, බ්‍රසීලය, ආජන්ටිනාව ප්‍රමුඛ ලොව රටවල් 29ක වගාකරුවන් මිලියන 16.7 ක් මෙම ජාන වෙනස් කල භෝග වගාවේ යෙදෙනවා.

ජාන වෙනස් කල භෝග වගාකරන ලොව ප්‍රධාන රටවල් (2011)
මේ වනවිට (2012) ලොව විශාලතම  ජාන වෙනස් කල භෝග  නිෂ්පාදක රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. හෙක්ටයාර මිලියන 69 කට අධික භූමි ප්‍රමානයක් ඔවුන් මේ සදහා වෙන්කර තිබෙනවා. බඩඉරිඟු, සෝයාබෝංචි , කපු, කැනෝලා, සීනි නිපදවීමට ගන්නා බීට්, ඇල්ෆැල්ෆා තෘණ සහ පැපොල් ඔවුන් වගා කරන මෙවැනි ජාන වෙනස් කල භෝග අතුරින් සමහරක්. දෙවන විශාලතම නිෂ්පාදක රට බ්‍රසීලයයි. එය හෙක්ටයාර මිලියන 30.3 ක වපසරියක්. හෙක්ටයාර මිලියන 23.7 ක් වගාකරමින් ආජන්ටිනාව තුන්වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ලොව හතරවන විශාලතම නිෂ්පාදකයා වන්නේ අපගේ අසල්වැසි රට වන ඉන්දියාවයි. හෙක්ටයාර මිලියන 10.6 ක් ඔවුන් මේ යටතේ වගා කරනවා. අන්ද්‍රාප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, කර්ණාටක සහ තමිල්නාඩු යන ප්‍රාන්තවල මෙය වඩාත් ප්‍රචලිතවී තියෙනවා. ඉන්දීය කපු නිෂ්පාදනයෙන් 86% ක් මෙම ජාන වෙනස් කල කපු වලින් සමන්විත වෙනවා.
ඔන්න ඔහොමයි රටරටවල ජාන වෙනස් කල භෝග වගාකිරීම.


රන්වන් පැහැති සහල් : Golden Rice


රන් අස්වනු මංගල්‍යය, “බිමට නැමුණු රන්කරල්යන වදන් ඔබ මීට පෙර අසා ඇතිසශ්‍රීකත්වයේ සහ සෞභාග්‍යත්වයේ සංකේතයක් ලෙස මෙම රන් යන විශේෂණය යොදා ගනීඑහෙත් අපි දන්නා සහල් සැබවින්ම  රන්වන් පාට නැතබොහෝවිට  ඒවා  සුදු  හෝ  රතු  පැහැයක්  ගනී.නමුත් සැබවින්ම රන්වන් පැහැති සහල් ලොව පවතින බව ඔබ දන්නවාද?

2000 වසරේදී පළමුවරට රන්වන් පැහැති සහල් (Golden Riceපිළිබඳව ලොවට අනාවරණය කෙරිනස්වාභාවික පරිසරයේ  නිර්මාණයක් නොවන මෙම රන් සහල් ජාන ඉංජිනේරු විද්‍යාවෙන් හඳුන්වාදෙන ලදීඑබැවින් මෙය (Genetically Modified Organismනම්  ඝනයට අයත් වේඑසේවුවද අනෙක් බොහෝ සහල් අයත්වන Oryza sativa විශේෂයටම මෙම සහල් ප්‍රභේදයද අයත් වේමහාචාර්ය Ingo Potrykus විසින් මෙය ලොවට හඳුන්වාදෙන ලද්දේ  කුඩා ළමුන් අතර පවතින්නාවූ විටමින් ඒ ඌනතාව හෙවත් (VADඅවම කිරීමේ වෑයමක් ලෙසය.

normal rice vs golden rice
අනෙකුත් සහල් ප්‍රභේදයන්ට සාපේක්ෂව මෙහි වැඩි බීටා කැරොටීන් (β caroteenප්‍රතිශතයක් අන්තර්ගතයසත්ව ශරීර තුලදී මෙම බීටා කැරොටීන්විටමින් ඒ බවට පරිවර්තනය වේමේ ඉහල බීටා කැරොටීන් මට්ටම නිසා මෙම ලාක්ෂණික රන්වන් පැහැය සහල්වලට ලැබී ඇතවසර 2005 දී තවදුරටත් මෙය වැඩිදියුණු කල අතර (Golden Rice 2)  නම් වූ මෙම නව ප්‍රභේදයේ  පළමු ආකාරයට වඩා 23 ගුණයකින් බීටා කැරොටීන් මට්ටම වැඩි වියSyngenta සමාගම මීට  දායක  විය.

එහෙත් තවමත් මිනිස් පරිභෝජනයට මෙම  වර්ග  දෙකෙන්  කිසිවක්  නිකුත් කර නැතවිවිධ පාරිසරික සංවිධාන වලින් මතුවු දැඩි විරෝධය මීට හේතුවියමීට ප්‍රධාන හේතූන් ලෙස මෙය (GMOවර්ගයට අයත්වීමවිටමින් ඒ ඇති  ස්වභාවිකව  පවතින  විකල්ප  අහාර බහුලව තිබීම (බතලකොළ පැහැති එළවලුපලතුරු)මෙම රන් සහල් වලට අවසර දීම වෙනත් (GMOවර්ග පරිභෝජනයට දෙන අවසර පතක් ලෙස වක්‍රාකාරව දිස්වීම මෙවැනි  හේතුන්ගෙන්  කීපයකි.          


0 comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.