සවානා යනු තෘණ බිම් ජෛව පද්ධතියක් වන අතර එහි විසිර පවත්නා ශාක සහ පඳුරු දක්නට ඇත. සවානා හි ශාක කුඩා වන අතර හෝ ඒවා එකිනෙකට ඈතින් පිහිටා ඇති නිසා ඒවායෙහි ශාක උඩුවියන් එකිනෙකින් වසා ගැනීමක් සිදු නොවේ. එමනිසා සවානා යනු එකිනෙකට ඈතින් පිහිටි පැතිර පවත්නා ශාක පවතින ප්‍රදේශයක් ලෙස විශ්වාස කෙරේ. කෙසේ නමුත් බොහෝ සවානා ප්‍රජාවන්හි ශාක ඝණත්වය ඉහළ වන අතර ඒවා ක්‍රමානුකූලව වනාන්තර ප්‍රජාවන්ට වඩා පරතර ඇතිව පිහිටා ඇත. මෙලෙස විවෘත උඩුවියන් ස්ථරයක් පැවතීම හේතුවෙන් ප්‍රමාණවත් තරම් සුර්යාලෝකය බිම් ප්‍රදේශයට ලගාවීම හේතුවෙන් ප්‍රාථමික වශයෙන් C4 තෘණ වලින් නිර්මාණය වු නොකැඩුණු පැලෑටිමය ස්ථරයක් ගොඩනැගි ඇත. සවානාහි සෘතුමය වශයෙන් වෙනස් වන ජල සම්පතක්ද ඇති අතර එහි වර්ෂාපතනය වැඩි කොටසක් වසරෙහි එක් සෘතුවකට පමණක් සිමාවී පවතී. සවානා වර්ග විවිධ බයෝම කීපයක ලක්ෂණ දැරිය හැකිය. සවානා වර්ග බොහෝ අවස්ථා වලදී සංක්‍රාන්ති කලාපයක් ලෙසද දක්නට හැකිය. එලෙස ඒවා කැලෑ සහ කාන්තාර හෝ මහාතැනිතලා ප්‍රදේශ අතර පිහිටිය හැකිය.
සවානා යන වදන බිහිවී ඇත්තේ දේශීය ඇමෙරිකානු වදනකිනි. එහි තේරුම වන්නේ ශාක නොමැති නමුත් උස් හෝ මිටි තෘණ වර්ග අන්තර්ගත බිමක් යන්නයි. 1800 අග භාගයේදී එය තෘණ සහ ශාක අන්තර්ගත බිමක් ලෙස හඳුන්වන ලදී. එය දැන් තෘණ සහිත සහ විසිරී පවතින ශාක හෝ විවෘත උඩුවියනක් සහිත ශාක අන්තර්ගත භූමි ප්‍රදේශයක් ලෙසට හැඳින්වේ.
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.