“පුත, අනාගතයේ දි නුඹට නුඹේ කුස යහමින් පුරවා ගන්නට අවශ්‍ය නම් දැන් සිටම නුඹ නුඹේ හිස දැනුමින් සහ ප්‍රඥාවෙන් පුරවා ගනිං.” එහෙම කිව්වේ නෙල්ස් ඔල්සන් බොලොග්. ඔහු ශූර ගොවියෙක්. මේ නෙල්ස් බොලොග් නම් දැනුම් තේරුම් ඇති මිනිසාට සිටියා මුණුබුරෙක්. ඒ මුණුබුරාට තමයි ඔහු අර කීර්තිමත් අවවාදය දුනනේ. මුණුබුරාගේ නම තමයි නෝමන් බොලොග්. ඉතා පැහැදිලිවම නෝමන් බොලොග් සම්පූර්ණ මිනිසෙක් වෙන්නේ අර කියපු අවවාදයෙන් පසුවයි.
කවුද මේ නෝමන් බොලොග්? ඉතිහාසය අදටත් ඔහුට කියන්නේ “විස්මිත මිනිසා” කියලයි. ඔහු විස්මිත මිනිසෙක් වුණේ මෙහෙමයි.
නෝමන් උසස් පෙළ සමත් වීමෙන් පසු මිනෙසෙටා විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනවා. ඒ 1933 අවුරුද්දේ. 1930 දශකය ඇමරිකා එක්සත් ජනපදයට අභාග්‍ය සම්පන්න අදුරු කාලයක් වුණා. නෝමන් කියන්නේත් ඒ අදුරු කාල පරිච්ඡේදයේ කොටස්කාරයෙක්. ඒ කාලයේදී ඇමරිකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පානවා. රැකියා අහිමි වීම්, බඩගින්න ඇමරිකන් වැසියන් ගේ පොදු අත්දැකීමක් බවට පත් වෙනවා.
මේ තත්ත්වය යම් ආකාරයකින් හෝ ජයගන්න එහෙම නැත්නම් ඊට සහනයක් වෙන්න සංවිධානයක් ද මේ කාලයේදී බිහිවෙනවා. “සිවිල් ජනතාව සුරැකීමේ බලකාය” නමින් හැදින්වෙන එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් නෝමන් ද කටයුතු කරනවා. මෙහිදී තමන් සමග කටයුතු කරන බොහෝ දෙනා නිසා අහර නොමැති කමින් හාමත්ව සිටිනු ඔහු දකිනවා. එසේ දකිත්ම දකිත්ම ඔහුගේ සිතින් බොහෝ දේ ඉවත් වෙනවා. එනම් එක දෙයක් පමණක් සිත තුළ රැදෙනවා. කුස ගින්නෙන් පෙළෙන්නවුන්ගේ කුස පිරවිය හැකිනම් එය කෙතරම් විශාල පුණ්‍ය කර්මයක් ද කියන සිතුවිල්ල තමයි එසේ ස්ථීර ලෙසත් තීරණාත්මක ලෙසත් ඔහු තුළ ඉතිරි වෙන්නේ.
Norman Borlaug | |
---|---|
Borlaug speaking at the Ministerial Methodist Conference and Expo on Agricultural Science and Technology, June 2003. | |
Born | March 25, 1914 Cresco, Iowa |
Died | September 12, 2009 (aged 95) Dallas, Texas |
Citizenship | United States |
Nationality | American |
Fields | Agronomy |
Institutions |
|
Alma mater | University of Minnesota |
Known for | |
Notable awards |
|
ඒ 1937 අවුරුදද යි. ඔහු වන සංවර්ධන විද්‍යාව පිළිබද උපාධිය දිනා ගන්නවා. පසුව වසංගත රෝග මගින් ඉරිගු, ඕට්ස්, බාර්ලි වැනි ධාන්‍ය විනාශයට පත්කරන දිලීර නිරික්ෂණය කොට ඒවාට සාර්ථකව මුහුණ දිය හැකි බීජ සහ පැළෑටි ජාන තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවීමට ඔහු සිය පර්යේෂණ කටයුතු මෙහෙයවනවා. 1940 දී ජාන තාක්ෂණ විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය ඔහු ලබනවා. ඒ අර කියපු පර්යේෂණ කටයුතුවල ප්‍රතිඵලයක් විදිහටයි. ඒත් සමගම ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක් ලෙස ඔහු සිය ප්‍රථම රැකියා පත්වීමද ලබනවා.
ඉන් කාලයකට පසු ඔහු මෙක්සිකෝවට යනවා. ඒ ඇමරිකන් රජයේ ඉල්ලීමකට අනුව එරට තිරිගු පර්යේෂණ වැඩ සටහනේ ප්‍රධානියා විදිහටයි. එසේ වසර 16 ක කාලයක් එහි සේවය කරන නෝමන් බොලෝග් දිලීර රෝග වලට සාර්ථකව මුහුණදිය හැකි ඉහළ ඵලදාවක්ද ඇති තිරිගු බීජ විශේෂ කිහිපයක්ම හදුන්වා දීමත් සිදු කරනවා. මෙසේ දිනෙන් දින නව බීජ විශේෂ හදුන්වා දීමට නොමන් සමත් වෙන අතර 1963 පමණ වන විට මෙක්සිකෝවේ වහා කරන ලද තිරිගු බෝග වලින් සියයට 95 ක්ම නෝමන් බොලොග්ගේ සොයා ගැනීම් වශයෙන් සටහන් වෙනවා. මෙහිදී මතක තබාගත යුතුයි. ඔහු මෙක්සිකෝවට ආවේ 1944 දී. එදා රටක් වශයෙන් මෙක්සිකෝව ලැබූ ඵලදාවත් තිබුණා නම් 1962 වෙනකොට ඒ වගේ හය ගුණයක් විශාල අස්වැන්නක් ලබන්නට මේ රට සමත් වෙනවා. මෙන්න මෙතැනදි තමයි ලෝකය මුලින්ම විශ්මයට පත් වෙන්නේ.
“විශ්මිත කෘෂි විද්‍යාඥයා” යන පටබැදි වගේම ගෞරව නාමය ඔහුට ලැබෙන්නේ ඒ අනුවයි.
The Population Bomb සිංහල අර්ථයට අනුව ජනගහන බෝම්බය ජීව විද්‍යාඥයෙක් වන පෝල් ආර්. අර්ලිට් රචනා කරන්නේ 1968 දී යි. එය විද්‍යාත්මක අනාවැකි වලින් පිරුණ පොතක්. මේ විද්‍යාත්මක අනාවැකි ලෝක ප්‍රජාව අතර ඇති කළේ මහත් වූ කුතුහලයක්. ඒ වගේම එය ලෝකය පුරාම ප්‍රචලිතවුණා. පහත එන්නේ එවැනි එක් අනාවැකියක්.
“ලෝකයේ මිනිසුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නිෂ්පාදනය කළ හැකිය යන අරමුනින් පටන් ගන්නා ලද වගා සංග්‍රාමය ඉතා දුක්ඛදායක අවසානයකට ළගා වී තිබෙනවා. ඒ අනුව 1970 හා 1980 දශක ඉදිරියේ දී එළැඹෙන අතර එවිට මිලියන ගණනින් මිනිසුන් නිරාහාරව මිය යනවා. එය කිසිදු කෘෂිකාර්මික යෝධයෙකුට නවත්වන්න පුළුවන් වෙන්නේ නෑ.”
නෝමන් බොලොග් නම් ලෝකයේ විස්මිත කෘෂි විද්‍යාඥයා මෙන්න මේ අනාගත තත්ත්වය අභියෝගයක් විදිහට බාර ගන්නවා. එතැනදී ඔහු සම්පූර්ණ විශ්වාසය තබන්නේ ජාන තාක්ෂණය මගින් සොයා ගන්නා ලද නව බීජ ප්‍රභේද ගැනයි. එය ලොව පුරාම සාර්ථක වෙනවා. උදාහරණයක් ලෙස 1965 දී පකිස්ථානයේ පමණක් නිපද වූ තිරිගු ප්‍රමාණය ටොන් මිලියන 7.6 ක්. එහෙත් ඊට පෙර ඒ කියන්නේ බොලොග් මේ කටයුත්තට අත ගහන්නට පෙර ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව ටොන් මිලියන 4.6 කටයි සීමා වී තිබුණේ. ඊළගට ඔහු ඉන්දියාවට යනවා. 1965 දී ටොන් මිලිනය 12.3 ක් ඉන්දියා වේ තිරිගු අස්වැන්න 1970 වන විට ටොන්
මිලියන 20.1 ක් දක්වා ඉහළට ගෙන එන්නට ඔහු සමත් වෙනවා.
පෝල් ආර්. අර්ලිට්ගේ ජනගහන බෝම්බයට එරෙහිව නෝමන් බොලොග් කටයුතු කරන්න පටන් ගත්තේ ඒ ආකරයට යි. ඒ ආකාරයෙන් කටයුතු කළ ඔහු අර කියපු ජනගහන බෝම්බය ඇත්තක් නොව නැත්තක් බවට පත් කරනවා. අනාවැකියට අනුව ලොව පුරා හටගන්නා මහා ආහාර අහේනියකින් මිය යාමට ආසන්නව සිටි බිලියනයක් තරම් වූ ජනකායක් සිය විස්මිත බීජ ප්‍රභේද වලින් ගලවා ගැනීමට ඔහු සමත් වෙනවා. “හරිත විප්ලවය” යනනමින් එය ලොව පුරා ව්‍යාප්තියක් කීර්තියත් එකවර අයත් කර ගන්නවා.
ඊළගට එළඹුණේ 1980 දශකය යි. ලොව පුරා පරිසරවේදීන් සහ මේ මහා කෘෂි විද්‍යාඥයා අතර බරපතල විවාදයක් හට ගන්නවා. පරිසරවේදීන් පවසන්නේ මේ හරිත විප්ලවය අනාගත පාරිසරික අර්බුද රැසක්ම ඇති කරනු ඇති බවයි. විශේෂයෙන්ම රසායනික පෝර සහ රසායනික කෘමිනාශක පසට එකතු කරමින් වැඩි අස්වැන්න සියඑකම ඉලක්කය බවට පත් කරගත් හරිත විප්ලවය ගැන පරිසරවේදීන් නැගූ විරෝධය නෝමන් බොලොග්ගේ විවේචනයටත් අප්‍රසාදයටත් හේතු වූ බව මෙහිදී කියන්නට සිදුවෙනවා. මෙතැනදි බොලොග්ගේ එකම ඉලක්කය වූයේ වැඩිවන ජනගහනයට සරිලන වේගවත් ආහාර ඵලදාවක් ලබාදිමයි. ඔහු සිය ජිවිත කාලයෙන් හරි අඩක් ම ගතකළේ ඒ වෙනුවෙනුයි. එතැනදි පරිසරවේදීන් මෙය පාරිසරික දූෂණයක් ලෙසින් සලකා ඊට විරෝධය පාන්නේ ඇයි ද කියා මුලින්ම විස්මයට පත්වන ඔහු පසුව කෝපයට පත් වෙනවා.
එහිදී ඔහු දිගින් දිගටම පෙන්වා දෙනවා. රසායනික පෝර අත්හැර කාබනික පෝර කෙරෙහි පමණක් විශ්වාසය තැබීමෙන් ඉහල ඵලදාවක් අත්පත් කරගන්නට නොහැකිය කියන කාරණය. එවැනි අඩු ඵලදාවකින් වැඩි වන ජනගහනයේ බඩකට පුරවන්න පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් විශාල වශයෙන් වනාන්තර එලි කරන්න සිදු වේවි. එහෙත් රසායනික හෙවත් කාබනික පෝර භාවිතා කළොත් අඩු වහා ඉඩම් ප්‍රමාණයකින් ඉහළම අස්වැන්නක් ලබන්න පුළුවන්කම තියෙනවා.
උදාහරණයක් වශයෙන් 1950 වසරේ දී ටොන් මිලියන 692 ක් වූ ගෝලීය ධාන්‍ය නිෂ්පාදනය සදහා අවශ්‍ය වූයේ අක්කර බිලියන 1.7 ක ඉඩම් ප්‍රමාණයක් පමණයි. 1992 දී ගෝලීය ධාන්‍ය නිපැයුම ටොන් බිලියන 1.9 ක් වූ අතර අවශ්‍ය වූ බිම් ප්‍රමාණය අක්කර බිලියන 1.73 ක්. ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ ගෝලීය ධාන්‍ය ඵලදාව සියයට 170 කින් ඉහළ නැංවීම සදහා අවශ්‍ය වී ඇතතේ සියයට 1 ක් තරම් වූ වැඩිපුර ඉඩම් ප්‍රමාණයක් පමණයි.
ඒ අනුව නෝමන් බොලොග් පවසන්නේ සිය අධි ඵලදා කෘෂිකර්මයෙන් ඔහු ඉන්දියාව ට ඔවුන්ගේ කැලෑ ඉඩම් අක්කර මිලියන 100 ක් ආරක්ෂා කර දී තිබෙන බවයි. 1980 දශකයේ දී ඉතියෝපියාවේ, ඝානාවේ, නයිජීරියාවේ සහ ටැන්සානියාවේ සිදු කළා වූ මිශ්‍ර ධාන්‍ය වගාව නිසා ඒ රටවලද කෘෂිකාර්මික ඵලදාව දෙගුණ නොව තෙගුණ වූ බවට වාර්තා වෙනවා.
නෝමන් බොලොග් 2009 සැප් 12 දා අවුරුදු 95 ක් ආයු විද මිය ගියා. මෙතැනදි අපිට පිලිගන්න සිදු වෙනවා ඔහු තමා විසූ යුගයට සාපේක්ෂව ඓතිහාසික කාර්යභාරයක් කළාය කියන එක. එහෙත් කාබනික පෝර වලට ඔහු දැක් වූ විරෝධය ගැන අපට නැවතත් සිතන්න සිද්ද වෙනවා. රසායනික පෝර වල පවත්නා සීමිත බව සහ පාරිසරික විරෝධී බව අද ලෝක මට්ටමින් පිලිගත් සත්‍යයක්. පිලිගත් සමීක්ෂණ සහ පර්යේෂණ පෙන්වා දෙනවා කාබනික පෝර රසායනික පෝර වලට සාපේක්ෂව ඉහළ ඵලදාවක් ලබත හැකි ක්‍රමයක් කියලා.
ඒ නිසා අදටත් අපට නෝමන් බොලොග් කෙනෙක් අවශ්‍යයි. එහෙත් ඔහු වර්තමාන පාරිසරික යථාර්තය පිලිගන්නා අයෙක් විය යුතුයි. කොටින්ම ඔහු හොද පරිසරවාදියෙක් විම අවශ්‍යයයි. ඔහු අපේ කාලයේ මිනිසෙක් විය යුතුයි.
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.