Pages

Monday, 7 October 2013

යමහල්

ගිනි කඳු


පෘථිවි අභ්‍යන්තරයේ ඇති ලාවා හෙවත් ලෝදිය භූ පැළුම් ඔස්සේ පෘථිවි පෘෂ්ඨය කරා පැමිණ, කන්දක් තුළින් පිටතට නික්මේ නම් එය ගිනි කන්දකි. ගිනි කන්දක් බොහෝ විට නිර්මාණය වන්නේ පෘථිවි භූ තැටි දෙකක් එකිනෙක ගැටී කඳු වැටි නිර්මාණය වී ඇති තැන්හිදීය. එවන් ප්රදේශ ආශ්රිතව ගිනි කඳු මෙන්ම භූ කම්පන ද නිතර සක්‍රිය වේ.
Surface of vol.jpg

හැඳින්වීම.

tiny globe
ශාන්ත හෙලේනා කන්ද, 1980 මැයි 18 පිපිරීමට පසු
අප ජීවත් වන පෘථිවි අභ්‍යන්තරය ඒකාකාරී ස්වරූපයක් නොදරයි.එහි අභ්‍යන්තරය අතිශය සක්‍රීය වේ.පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා ඝනීභවනය වීමෙන් යමහල් නිර්මාණය වේ.සක්‍රීය වු පෘථිවි අභ්‍යන්තර‍යේ බලපෑම යමහල් ක්‍රියානාරීත්වය කෙරේ ඍජුවම බලපෑම් කරයි.පෘථිවිය ස්ථර කීපයකින් නිර්ම්තය.පෘථිවි කබොල / ශිලා ගෝලය, ප්‍රාවරණය(ඉහළ හා පහළ), පෘථිවි හරය(ඇතුලත,පිටත),ලෙස ඒවා නම් කල හැක.පෘථිවි ප්‍රාවරණ කලාපයේ ඇති අධික තාපය හේතුවෙන් මූලද්‍රව්‍ය බවට පත්වේ.එනම් ලාවා/මැග්මා සකස් වේ.මෙසේ අධික පීඩනයකින් ඇති ද්‍රව ලාවා හෙවත් මැග්මා පෘථිවි තලයේ දූර්වල ස්ථාන වන තැටි මායිම්, ව්භේධ ඔස්සේ ඉභළට පැමිණ තැම්පත් වේ.ඇතැම් අවස්ථාවලදීපෘථිවි අභ්‍යන්තරයේ ඇති ස්තර අතරද ලාවා ගලා ගොස් තැම්පත් වී ඝනීභවනය වේ.

ලාවා ඝනීභවනය වන තලාප අනූව යමහල් කොටස් දෙකකි.
01. නිශ්ක්‍රාන්ත යමහල්
02. ආක්‍රාන්ත යමහල්

යමහල්වල සක්‍රීය භාවය අනූව

සක්‍රීය ගිනිකඳු

tiny globe
යමහල් විවරය හමා ලාවා ගලා යාම

මැග්මා ගිනිකඳු වර්ගීකරණය සඳහා යොදාගන්නා ප්‍රකටම ක්‍රමය වන්නේ ඒවායේ පිපිරුම් සංඛ්‍යාව අනුව වර්ග කිරීමයි. නිරතුරුව පිපිරීමට ලක්වන ගිනිකඳු සක්‍රිය ලෙසත්, ඉතිහාසයේදි පිපිරීම් වලට ලක්වු නමුත් වර්තමානයේ නිහඬ ගිනිකඳු උදාසීන ලෙසත්, ඉතිහාසයේ පිපිරීම් වලට ලක් නොවු ගිනිකඳු අක්‍රිය ගිනිකඳු ලෙසත් නම් කෙරේ. නමුත් මේ ප්‍රසිද්ධ වර්ගිකරණය, විශේෂයෙන්ම අක්‍රීය තත්වය, විද්‍යාඥයින්ට ප්‍රමාණවත් නොවේ. ඔවුන් කරන්නේ ගිනි කන්දෙ නිර්මාණය, පිපිරුම් ක්‍රියාවලිය හා එයින් හටගන්නා හඬ අනුව ගිනිකඳු වර්ග කිරීමයි. විද්‍යාඥයින්අතර සක්‍රිය ගිනි කන්දකට නිශ්චිත පැහැදිලි කිරීමක් පිළිබඳ ඒකමතික භාවයක් නැත. ගිනි කන්දක ආයු කාලය මාස කීපයක් සිට අවුරුදු මිලියන ගණනක් දක්වා විවිධාකාර වේ. එමනිසා එවැනි වර්ගීකරණයක් මිනිසාගේ ආයු කාලය, සමහර විට ශිෂ්ටාචාරයක පැවැත්මද සලකා බලන විට තේරුමක් රහිත වේ. උදාහරණයක් ලෙස‍ බොහෝ ගිනිකඳු පසුගිය අවුරුදු දහස් ගණනක් තුළ පිපිරුම් ඇති කළද වර්තමානයේ එවැනි ලක්ෂණ නොපෙන්වයි. එවැනි ගිනිකඳු ආයු කාලය අතින් සැලකූ විට ඒවා සක්‍රීය ගිනිකඳු ගණයට වැටේ. මනුෂ්‍ය ජීවිත කාලය හා සසඳන විට ඒවා අක්‍රීය හෝ උදාසීන ලෙස සැලකිය හැක. විද්‍යාඥයින්ට අනුව වර්තමානයේදී පිපිරීම් වලට ලක්වන හෝ අසාමාන්‍ය භූමිකම්පා සැලකියයුතු ලෙස දුම් පිටවිම් වැනි ක්‍රියාකාරි ලක්ෂණ පෙන්වයි නම් ගිනිකන්දක් සක්‍රීය ගණයට වැටේ. බොහෝ විද්‍යාඥයෝ ඈත අතීතයේ පිපිරීමට ලක්වු ගිනිකඳු සක්‍රීය ගණයේ ලා සලකති. මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ ලේඛනගත ඉතිහාස තොරතුරු ප්‍රමාණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විමයි. මධ්‍යධරණී ප්‍රදේශයේ අවු 3000 ට ත් වඩා වැඩි ලේඛනගත ඉතිහාසයකට හිමිකම් කියන මුත් ඇමරිකා එක්සත් ජනපදයේ වයඹ පැසිෆික් කාලපය අවුරුදු 300 කුත්, හවායි දුපත් අවුරුදු 200 කටත් වැඩි ප්‍රමාණයකුත් තොරතුරු පවතී. ස්මිත්සෝනියන් ගෝලීය ගිනිකඳු වැඩසටහන අනුව සක්‍රීය ගිනිකන්දක් නම් එය පසුගිය අවුරුදු 10,000 කාලය තුළ පිපිරීම් වලට ලක්විය යුතුය.

උදාසින ගිනිකඳු

උදාසින ගිනිකඳු යනු ඉහතින් දැක්වු ආකාරයට වර්තමානයේ සක්‍රීය නොවන මුත් නැවත පිපිරීමකට හෝ නැවත චංචල ස්වභාවයට පත්විය හැකි ඒවාය. මෙහිදී විද්‍යාඥයින් සක්‍රීය ලෙස සලකන ගිනිකඳු බොහොමයක් සාමාන්‍ය ජනයා හෝ මාධ්‍ය මඟින් උදාසීන ලෙස හැඳින්වීම මඟින් යම් ව්‍යාකූල තත්වයක් හටගනී. අක්‍රීය ගිනිකන්දක් යනු ලාවා සැපයුමක් නොමැති නිසා නැවත පිපිරීමට ලක් නොවන ඒවාය.

අක්‍රීය ගිනිකඳු

අක්‍රීය ගිනිකඳු වලට උදාහරණ ලෙස ඇ.එ. ජනපදයට අයත් හවායි දුපත්වල බොහොමයක් ගිනිකඳු හා පැරකුටින් ගිනිකඳු දැක්විය හැක. ගිනිකන්දක් සැබැවින්ම අක්‍රීය දැයි තීරණය කිරීම අපහසුය. අධියමහල් විවර වලට පිපිරීම් සඳහා ගතවන කාලය සමහර විට අවුරුදු මිලියන ගණනක් නිසා අවුරුදු දස දහස් ගණනක් නිසා පිපිරීමට ලක් නොවු මෙවැනි ගිනිකඳු අක්‍රීය ලෙස නොව උදාසීන ලෙස සැලකීම යෝග්‍ය වේ. උදාහරණ ලෙස යෙලොස්ටොන් ජාතික වන උද්‍යානයේ පිහිටි යෙලොස්ටොන් ගිනිකන්ද අවුරුදු මිලියන 2 ක් පමණ පැරණි වන අතර, එය දරුණු පිපිරුමක් අවු 640,000 කාලය තුළ නොපෙන්වුවද, අවු 10,000 කට පමණ පෙර ජල තාපන පිපිරීම්ද අවු 70,000 පමණ පෙර ලාවා ගලායාමද වාර්තා විය. මෙම කරුණු නිසා විද්‍යාඥයෝ යෙලෝස්ටෝන් ගිනිකන්ද අක්‍රීය ලෙස නොසලකති. එය අවට නිරතුරුවම සිදුවන භූකම්පන හා ක්‍රියාකාරී භූ තාපන පද්ධති (යෙලෝසටෝන් ජාතික උද්‍යාන පුරාම පවතින භූ තාපන ක්‍රියාකාරිත්වය) සහ වේගවත්ව පොළොවෙන් ඉහළට එසවීම හේතුවෙන් විද්‍යාඥයෝ යොලෝසටෝන් සක්‍රීය ගිනිකන්දක් ලෙස සලකති.


යමහල්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් විවිධ භූරූප නිර්මාණය වේ. යමහල් හෙවත් ගිනිකඳුවල හිතකර බලපෑම් ද වන බව කිව යුතු ය.

නිශ්ක්‍රාන්ත යමහල් :

පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රාවරණ කලාපයේ සිට පැමිණෙන ලාවා කබොලේ ඇතිපාෂාණ තැටි මායිම්, විභේද ආදි දුර්වල ස්ථාන ඔස්සේ පැමිණ නිර්මාණය වූ කඳුගැට/කේතුරූපාකාර ලක්ෂණය නිශ්ක්‍රාන්ත යමහල් වේ.සාමාන්‍යයෙන් ගිනි කන්දක් මීටර් සිය ගණනක්උසට හා කිලෝමීටර් කිහිපයක විශ්කම්භයකින් යුක්ත වේ.මෙවැනි ගිනිකඳු ක්‍රියාත්මක වීමේදී මුලින්ම දුම් හා අළු ඉහළට විහිදෙයි.ඉන්පසු සුළු පිපිරීම් ඇති වේ. ඉන් පසු විශාල පිපිරීම් ඇති වී ලාවා විධාරණය වීමත් ඝනීභවනය වීමත් සිදු වේ.
ලාවාවලට අමතරව ගිනි කන්දකින් ජලය,කාබන්ඩයෝක්සයිඩ්,හයිට්‍රජන්,නයිට්‍රජන් වැනි වායු වර්ග ද පිට වේ.ඇතැම් යමහල්වල ලාවා විධාරණයේදී සිදුවන ප්‍රබල පිපිරීම් හේතුවෙන් විශාල මෙන්ම විවිධ ප්‍රමාණයේ ලාවා කොටස් ඉහළට විසි වේ.එනම් ලාවා කුට්ටි,රවුම් හැඩයේ ලාවා ‍‍බෝම්බ,ලැපිලි හෙවත් ලාවා පටි,සියුම් ධාන්‍ය වැනි කොටස් ද ඒවා අතර වේ.නිශ්ක්‍රාන්ත යමහල් විවිධාකාර වූ හැඩයන්ගෙන් යුක්ත වේ.(සිරස් හා තිරස් ස්වභාවයේ හා විශාල මුඛ සහිත).යමහලක හැඩය තීරණය කිරීම ෙකරේ බලපාන ප්‍රධාන සාධක 02 කි.එනම්,
01. ලාවාවල අඩංගු රසායනික ද්‍රව්‍යවල ස්වභාවය
02. ලාවා විධාරණයේදී පිපිරීමක් සිදුවේද,නොවේ ද යන්න
ලාවාවල අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ ගත් විට ඇතැම් යමහල්වලින් පිටවන ලාවාවල සිලිකා ප්‍රමාණය ඉතා ඉහළය.එවැනි ලාවා උකු බවින් වැඩි ය.ඒවා ආම්ලික බවින් වැඩි ලාවා වේ.ඒවායේ තිරස් විහිදීම අඩු අතර සිරස් විහිදීම වැඩි ය.ඇතැම් යමහල්වලින් පිටවන ලාවාවල යකඩ ප්‍රමාණය ඉහළ ය.ඒවා භාෂ්මික ලාවා වන අතර ම ඒවායෙහි තිරස් විහිදීමක් ඇති අතර සිරස් විහිදීම අඩු ය.
උදා:- මොන ලෝ ආ හා කිලෝ ඉ ආ යමහල් (හවායි දූපත්)

එමෙන්ම යමහලක් සක්‍රීය වීමේදී ප්‍රබල පිපිරීමක් සිදුවීමෙන් පළල් යමහල් මුඛ නිර්මාණය වේ.
උදා:- ඉන්දුනීසියාවේ ක්‍රෙකටෝවා යමහල් පිපිරීම-1883 (මෙම පිපිරීමෙන්යමහලෙන් 2/3 ක ප්‍රමාණයක් විනාශ විය. නමුත් ප්‍රබල පිපිරීමක් සිදු නොවන යමහල් ආශ්‍රිතව ඇත්තේ කුඩා යමහල් මුඛ ය.


නිශ්ක්‍රාන්ත යමහල් වර්ග.

2:1:1 යමහල් අළු කේතුව
මෙය සිරස් වර්ධනයක් සහිත ගිනි කන්දකි.ලාවා හා අළු ස්තර කීපයකින් නිර්මාණය වී ඇත.සිලිකා ප්‍රමාණය ඉහළ බැවින් ලාවාවල උකුස්වභාවයක් ඇත.
උදා:- මෙක්සිකෝවේ පැරකුටීන්, ඉතාලියේ විසුවියස්,පිලිපීනයේ පිහාටු බෝ යන යමහල්.

2:1:2 භාශ්මික ලාවා පලිහ(පලිස් යමහල්)
මෙය තිරස් වර්ධනයක් පෙන්නුම් කරයි.විශාල ප්‍රදේශයක පැතිර යයි.යකඩ ප්‍රතිශතය ඉහළ බැවින් ලාවාවල ද්‍රව ස්වභාවයක් ගනී.බහුල වශයෙන් පැසිපික් සාගරය ආශ්‍රිතව දැකිය හැක.
උදා:- මොන ලෝ ආ,කිලෝ ඉ ආ යන ගිනි කඳු

2:1:3 අම්ල ලාවා ශඛර
අම්ල ලාවා ශිඛර උත්තල ස්වභාවයකින් යුක්ත ය.මෙවැනි යමහල් කේතු සුළු පිපිරීම් සහිතව ලාවා විධාරණය වීමෙන් නිර්මාණය වී ඇත.සිලිකා ප්‍රතිශතය ඉහළ බැවින් උකු ස්වභාවයක ලාවා වේ.
උදා:- ඇමෙරිකාවේ ශාන්ත හෙලේනා හා මවුන්ට් රේන්ජ්, මධ්‍යධරණී මුහුද-ස්ට්‍රොම්බෝලි,ලිපාරි දූපත- වුල් කැනෝ, අප්‍රිකාව- කිලිමන්ජාරෝ

2:1:4 සංයුක්ත යමහල
Sanukta.jpg
සංයුක්ත යමහල යනු,විවර කීපයක් සහිත ගිනි කදු විශේෂය කි.මේවායේ ලාවා ප්‍රමාණය අධික ය.ප්‍රධාන ජීද්‍රයෙන් ලාවා විධාරණය වීමට අමතරව කුඩා කුඩා ජීද්‍රවලින් ද ලාවා ගලා යයි.
උදා:- සිසිලි දූපත-එට්නා ,මෙක්සිකෝව-ජුදයිදෝ ගිනි කඳු







2:1:5 යමහල් කල්දේරාව හා යමහල් මුඛ විල්
යමහල් කල්දේරාව






යමහල ප්‍රබල පිපිරීමකට ලක් වීමෙන් යමහල් මුඛයේ කොටස් ලාවා කුට්ටි,ලාවා බෝම්බ වශයෙන් වායුලගෝලයට එක් වේ.මේ හේතුවෙන් පුළුල්ව බේසමක ස්වරූපයෙන් නිර්මාණය වන යමහල් මුඛ කල්දේරා නමින්හැඳින් වේ.ලොව විශාලතම කල්දේරාව ජපානයේ "අසෝ" කල්දේරාව යි.(පරිධිය-112 කි.මී) මෙවැනි කල්දේරාවලට ජලය එක් පිරීමෙන් පසු නිර්මාණයවන්නේ මුඛ විල් ය.
උදා:- ටිටිකාකා විල,ඉන්දුනීසියාවේ ටෝබා ව්ල

2:1:6 යමහල් ප්ලගය
තුඩක ස්වරූප‍යෙන් නිර්මාණය වී ඇති ගිනි කඳු මීට අයත් වේ.මේවායේ ලාවා වල සිලිකා ප්‍රතිශතය 80% කි.
උදා:- මාටිනික් දුපත- පෙලී ගිනි කන්ද -බ්‍රිතාන්‍ය,ඇමෙරිතාවල ප්‍රංශයලඅප්‍රිකාව ආදී රටවල පැරණි බලකොටු පිහිටා ඇත්තේ ප්ලගය ආශ්‍රිතවය
2:1:7 ලාවා සානු හා ලාවා ගුහා
ලාවා සානු




ගිනිකදුවලින් පිටවන ලාවා පුළුල් විශාල ප්‍රදේශයක ගලා යාමෙන්ලාවා සානු නිර්මාණය වේ.මෙවැනි සානුවල බැසෝල්ට් පාෂාණ බහුලව දක්නට ලැබේ.එමනිසා බැසෝල්ට් සානු ලෙස හැඳින් වේ.
උදා:- කොලොම්බියා සානුව,පැරානා සානුව, සයිබීරියානු සානුව, ග්‍රීන්ලන්ත සානුව



2:1:8 උණුදිය උල්පත් හා ගීසර
ගීසර
උණුදිය උල්පත්



යමහල් කලාපවල පෘථිවි අභ්‍යන්තරයේ දැඩි උණුසුම් පාෂාණ ස්තර අතරින් ජලය ඉහළට විදීමෙන් ගීසර හා උණුදිය උල්පත් නිර්මාණය වේ.මේවා බහුලව දැකිය හැකි රටවල් ලෙස නවසීලන්තය,අයිස්ලන්තය,ඇලස්කාව,සයිබීරියාව ආදී රටවල් දැක්විය හැක.
උදා:- ලොව විශාලතම ගීසරය-USA යෙලොස්ටෝන් ජාතික උද‍්‍යානයේ ඕල්ඩ් ‍ෆේත් පුල් ගීසරයග( මිනිත්තු .66 ට වරක් 46 km ඉහළට ජලය විදී) ‍ෆවුන්ටන් ගීසරය, නවසීලන්තය-රොටරුවා ගීසරය ,ගිසර ආශ්‍රිතව බලශක්ති නිශ්පාදනය සිදු කෙරේ.

ආක්‍රාන්ත යමහල්

Intrusive 1.jpg
Intrusive.jpg



පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා පෘථිවි පෘෂ්ඨය මතුපිටට නොපැමිණ අභ්‍යන්තර පාෂාණ ස්තර ඔස්සේ ගලා යාමෙන් ආක්‍රාන්ත යමහල් නිර්මාණය වේ.පෘථිවි අභ්‍යන්තර පීඩනය අඩුවීම , ලාවා ගමන් කරන මාර්ගය ආශ්‍රිතව තද පාෂාණ තිබීම ද මීට හේතු වේ. කාලයත් සමඟ ම ජලය, ග්ලැසියර හා සුළඟ වැනි නග්නීකරණ බලවේග හේතුවෙන් මතුපිටපාෂාණ තට්ටු ඛාදනය වු පසු මෙවැනි ආක්‍රාන්ත යමහල් පෘථිවි තගය මත දර්ශනය වේ.
ආක්‍රාන්ත යමහල් ආශ්‍රිතව නිර්මාණය භූ රූප කිහිපයකි.
3:1- ඩයිකය
3:2- ආස්තරය
3:3- ලැකොලිතය හා සීඩර් ගස්
3:4- තලිසෙල/ ලොපොලිත
3:5- බැනොලිතය

සක්‍රීය යමහල්, නිදන යමහල් හා මළ යමහල්

Nidana vol.jpg
Active vol.jpg



නිතරම ක්‍රියාකාරී වන යමහල් සක්‍රීය යමහල් වේ.මේවා වර්ෂ කීපයකට වරක් හෝ වර්ෂයකට කීප වරක් විධාරණය වේ.
උදා:- මධ්‍යධරණීය-ස්ට්‍රොම්බෝලි,මෙක්සිකෝව-පැරකුටින්, පිලිපීනයේ- පිහාටුබෝ විටින් විට ක්‍රියාත්මක වන යමහල් නිදන යමහල් වේ.මෙවැනි යමහල් එක් වරක් විධාරණය වී වර්ෂ 10-15 ක් හෝ නැතිනම් වසර සියගණනක් ගත වී සක්‍රීය වේ.
උදා:- ඉතාලියේ-විසුවියස්, හවායි- කි ලෝ ඉ ආ යන ගිනි කඳු
අක්‍රීය තත්වයේ පවතින යමහල් මළ යමහල් ලෙස හඳුන්වයි.මෙවැනි යමහල් මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය වී ඇත.මෙම ගිනිකඳු වසර මිලියන ගණන් තිස්සේ සක්‍රීය නොවී නිශ්චලව පවතී.

යමහල්වල හිතකර බලපෑම්

Advantage 1.gif
1. යකඩ, නිකල්,මැග්නීසියම්, වැනි ඛනිජ පසට මිශ්‍ර වීම නිසා සාරවත් පසක් නිර්මාණය වේ.
2. නිර්මාණය වන සාරවත් පස් තට්ටුවල වගා කිරීමෙන් කෘෂිනර්මාන්තය සංවර්ධනය වේ.
3. ගීසර හා උණුදිය උල්පත් ආශ්‍රිතව සංවාරක කර්මාන්තය දියුණුවීමෙන් ආර්ථික වාසි ලැබේ.
4. භූ තාප බලශක්තියෙන් ශීත රටවල හරිතාගාර පවත්වා ගැනීම.
5. ආග්නේය හා විපරීත ආදී විවිධ පාෂාණ නිර්මාණය වීම හේතුවෙන් මැණික්,දියමන්ති, තඹ,නිකල් නිධි බිහි වීම නිසා ඒවා අපනයනය කිරීමෙන් හා කර්මාන්ත සඳහා යොදා ගැනීමෙන් ආර්ථික වාසි අත්කර ගත හැකි වීම.
6. යමහල් ආශ්‍රිත ඉහළ භූතාපය යොදාගනිමින් බලශක්ති නිපදවීම හරහා බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම.

මේ අනූවඅතීතයේ සිටම ස්වභාවික විපත් හි ලා ගිනිකදු ආශ්‍රිව ඇතිවන මානව හා භෞතික සම්පත් විනාශයන් දක්නට ඇතත් ගිනිකදු වලින් මානවයා ලබා ගන්නා වාසි ද ඒ අතර වන බව අමතක ෙනාකල යුතු ය.

පිංතූර එකතුව

ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තර

වර්ෂා වනාන්තර පිලිබදව

images 4
ශ්‍රී ලංකාවේ පහත රට සහ මැදරට තෙත් කලාපයේ ඇති ස්වභාවික වනාන්තර, නිවර්තන තෙත් සදාහරිත වනාන්තර ලෙස හැදින්වේ. බොහෝ කලකට පෙර පහතරට සහ මැදරට තෙත් කලාපයෙන් වැඩි කොටසක් මෙම වනාන්තර වලින් වැසී තිබේ. තේ,රබර් වැනි බෝග වගාකිරීම සඳහා ද ජනාවාස ඇතිවීම ද හේතු කොට ගෙන මෙම වනාන්තර ප්‍රදේශ විශාල ලෙස එළි කර තිබේ.අද මෙම දේශගුණික කලාපයේ වනාන්තර ප්‍රදේශ ඇත්තේ 8% ටත් වඩා අඩුවෙනි.දැනට ඉතිරිව ඇති වනාන්තර අතුරින් ප්‍රසිද්ධියක් දරන්නා වූ ප්‍රධාන වනාන්තරයක් නම් ලෝක ප්‍රසිද්ධ සිංහරාජ වනාන්තරයයි. ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තර, ජගත් බීයෝම යටතේ සලකා බැලූන නිවර්තන වර්ෂා වනාන්තර වලට කදිම නිදසුනකි. ශ්‍රී ලංකාවේ මෙම වනාන්තර උතුරින් දැදුරු ඔයෙනුත්,දකුණින් වලවේ ගඟිනුත්, නැගෙනහිරින් මුහුදු මට්ටමේ සිට මීටර 305 (අඩි 1000) සීමාවෙනුත් වටවී තිබේ. ශ්‍රී ලංකාවේ මුළු නිවර්තන වර්ෂා වනාන්තර ප්‍රමාණය අක්කර ලක්ෂ
4 කි

images tr
වනාන්තර ප්‍රදේශ අක්කර ප්රමාණය

  • සිංහරාජ අඩවිය -  100,000
  • කන්නෙලිය  – 15,000
  • දැදියගල  – 9,000
  • කැලණි නිම්නය  – 12,000
  • මූලටියාන  – 8,000
  • නාකියාදෙනිය  – 6,000
  • රම්මල් කන්ද  – 4,000

    පාරිසරික සාධක

    සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2000 ට වැඩි මෙම ප්‍රදේශ වලට වැසි ලැබෙන්නේ නිරිතදිග මෝසම් සුළං මගිනි. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙ.අංශක 80 පමණ වන අතර වාතයෙහි ආර්ද්‍රතිවය 70%ක් පමණ වේ. අවුරැද්ද මුළුල්ලේ ඒකාකාරීව පවතින උෂ්ණත්වය, වර්ෂාපතනය සහ සූර්ය තාපය මෙහි ශාක වර්ධනයට ඉතා හිතකර පරිසරයක් ලබා දෙයි.මෙම ප්‍රදේශයේ බොහෝ ගස් වල වරින් වර කොළ හැලෙන නමුත් අවුරුද්ද මුළුල්ලේම රිකිලි ලියලමින් පවතින නිසා නිවර්තන සදාහරිත වනාන්තර යනුවෙන් මෙම වනාන්තර හැදින්වේ. වර්ෂාව අධික නිසාත්, උෂ්ණත්වය ඉහළ නිසාත්, ආලෝකය හොඳින් ලැබෙන නිසාත් මෙම වර්ෂා වනාන්තර ඝනව වැඩී තිබේ. එබැවින් ඛණිජ වලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ශාක වලට උරාගෙනය. එමනිසා මෙම වනාන්තර වල පස ඛණිජ වලින් හීන වේ. එනම් පස එතරම් සරු නොවේ. තවද වර්ෂාව අධික බැවින් පසේ ක්ෂීරණය, එනම් ලවණ පසේ ගැඹුරට සේදීයාම වැඩියෙන් සිදුවේ

    ශාකමය අගය

    gfjhg
    ශ්‍රී ලංකාවේ තෙත් සදාහරිත වනාන්තර වල ශාක විශේෂ 100 සිට 140 දක්වා වූ ප්‍රමාණයක් අන්තර්ගත වේ.මෙම වනාන්තර වල ඇති වෘක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂයන් හි උස එකිනෙකට වෙනස්ය.එමනිසා ඒවා ස්ථරීය ආකාරයකට දිස්වේ.එනම් යටිරෝපණයක් දක්නට ලැබේ. වැඩිම උස ශාකය මීටර 45ක් පමණ උසට වැඩෙන අතර එවැනි ශාක වල මුදුන් එක‍ට එක්වී අඛණ්ඩ වියනක් සාදයි.මෙම වියන සාදන වෘක්ෂ වලට කටබොඩ, මලබොඩ, කිරිහැඹිලිය, අරිද්ද වැනි වෘක්ෂ විශේෂ අයත් වේ. උද්භිත ශාක වන හොර, බූ වැනි වෘක්ෂ “ඩිප්ටෙරොකාපස්” කුලයට අයත් වේ. වියන් ස්ථරයට පහළින් මිටි ගස් වලින් යුක්ත තවත් එක් ස්ථරයක් හෝ ස්ථර 2ක් ද ඊට පහළින් පඳුරු සහිත ස්ථරයක්ද වේ.ඊට යටින් අවසාන වශයෙන් අකාෂ්ඨමය පඳුරු විශේෂ වලින් බිම් වැස්ම ‍හෙවත් වටි වගාව දක්නට ලැබේ. වෘක්ෂ, ප‍‍‍ඳුරු සහ පැළෑටි වලට අමතරව ඉතා විශාල කාෂ්ටමය ආරෝහක ශාක විශේෂ ගණනාවක් ද මෙම වනාන්තර වල දක්නට ලැබේ. මේවා වියන් ස්ථරය තරමටම වැ‍ඩේ. උදා: වෙනිවැල් ගැට, පුස්වැල් ශ්‍රී ලංකාවට විශේෂ වූ ශාක 3100 ටත් වඩා ප්‍රමාණය අතුරින් 28%ක ප්‍රමාණයක් මෙම වනාන්තර තුළ දක්නට ලැබේ. ශාක විශේෂ අනුව වෙනස් වුවද ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තර කොංගෝ, ඇමර්සන් වැනි වනාන්තර වලට ස්වභාවයෙනුත්, පෙනුමෙනුත් සමාන වේ. උඩු වියන හේතුවෙන් වනාන්තරය තුළට ආලෝකය වැටීම සීමා කෙරෙන හෙයින් ඒ තුළ අඳුරු බවක් දක්නට ලැබේ. වියන් ස්ථරයේ ඇති ප්‍රධාන ශාක : දොඹ. කීන, නා, මලබොඩ, වල්දෙල්, ඇටඹ එමෙන්ම මෙම වනාන්තර තුළ උඩවැඩියා වර්ග රාශියක් ඇත

    සත්ත්වමය අගය

    images 34
    මෙම වනාන්තර ‍ජෛව විවිධත්වයෙන් යුක්තය. කෘමි විශේෂ, ගොළුබෙලි විශේෂ, මත්ස්‍ය, උරග, ඇමීෆීබියා, පක්ෂි විශේෂ සහ ක්ෂීරපායී සත්ත්ව විශේෂ රාශියක් ද මෙහි සිටී.
    පෝෂණ ශාක
    3CASU5GTOCA3IW7VUCAPZSGO5CA28W73MCAT3VI4WCASUMIHZCAF5S824CAFD3QKQCAYRW0EHCA0FZY80CA4EC1T6CA37EUTJCA0MVY9VCAKH2C13CAEKIM2ICAQEZ7Q8CA1106F1CARQ7UJ9CA6V1GAL
    මෙහිදී පෝෂණ ශාක ලෙස හදුන්වන්නේ සමනල් දලබුවා (කීටයා) තම පෝෂණය සදහා ආහාර ලෙස තෝරාගන්නා ශාකයි. එක් එක් සමනල් විශේෂයට ආවේනික වූ ශාක විශේෂයක් හෝ විශේෂ කිහිපයක් පෝෂණ ශාක ලෙස තෝරාගනී. පෝෂණ ශාකයේ වැදගත්කම වන්නේ එම පෝෂණ ශාකය පරිසරයෙන් වදවී ගියහොත් එය “පෝෂණ ශාකය” ලෙස යොදාගන්නා සමනල් විශේෂයද සදහටම ලෝකයෙන් වදවියාමේ අවදානමක් පැවතීම හේතුවෙනි.
    සමනලිය තම සංවේදී අවයව (රසායනික සංවේදක) වලින් තම විශේෂයට වෙන්වූ පෝෂණ ශාකය තෝරාගෙන එහි බිත්තර දැමීම සිදුකරයි. සමහර සමනලුන් එක් එක් බිත්තරයක් වෙන් වෙන් ස්ථානවල ලෑම සිදුකරන අතර (Common Sailor – සේලරුවා), සමහරක් බිත්තර විශාල ප්‍රමාණයක් එක් ස්ථානයක ලෑම සිදුකරයි. (Common Grass Yellow – තෘණපීතයා) තවත් සමහරක් සමනලුන් බිත්තර වැලක් ආකාරයට පෝෂණ ශාකයේ පත්‍රයක එල්ල තැබීම සිදු කරයි. (Tamil Yeoman – මකුලිසියා)
    බිත්තර වලින් එලියට පැමිණෙන සමනල් කීටයා තම පෝෂණ ශාකයේ ලපටි කොටස් (දළු) කා දමමින් වර්ධනය වේ.
    (නමුත් “Dark Wanderer – අඳුරුසැරියා” සමනලයාගේ දලබුවා තම පෝෂණ ශාකයේ මෝරාගිය කොළ ආහාරයට ගනී.)
    මෙලෙස පෝෂණ ශාකයේ පත්‍ර ආහාරයට නොගෙන විශේෂ පෝෂණ ක්‍රම අනුගමනය කරන සමනල් විශේෂද හමුවේ.

3 වන ලෝක යුද්ධය ජලය වෙනුවෙන් !!!

ලෝකයේ සම්පූර්ණ ඉඩ ප‍්‍රමාණයෙන් සියයට හැත්තෑවක් පමණ වසා ගෙන ඇත්තේ ජල තලාවයි. නමුත් පිරිසිදු පානීය ජලය ලෝකවාසීන්ට සම්පූර්ණයෙන්ම ප‍්‍රමාණවත් නොවන දිනයක් උදා වනු ඇතැයි සැලකේ. අන්තර් ජාතිකව ගණන් බලන ආකාරයට වසර 2050 වන විට ලෝකයේ නාගරික ප‍්‍රදේශ වල ජීවත්වන ජනගහනය බිලියන 6.3 ඉක්මවනු ඇත. 2009 දී බිලියන 3.4 ක් වූ  නාගරික ප‍්‍රදේශ වල ජීවත්වන පිරිස කෙටි කාලයක් ඇතුළත දෙගුණයකට ආසන්න ගණනකින් ඉහළයාම බරපතළ ප‍්‍රශ්නයකි. මෙම පිරිසට දිනපතා පානයට සහ නිසි සනීපාරක්ෂාව වෙනුවෙන් පිරිසිදු ජලය සැපයීම පහසු ව්‍යායාමයක් නොවේ. පානීය ජලය, විශ්වාස කරන්නටත් අපහසු වන ආකාරයට අන්තර්ජාතික අර්බුදයක් මතු කරනු ඇති බවට මතවාදයක් නැගෙමින් තිබේ. නුදුරු යුගයක ලෝක යුද්ධයක් ඇතිවුවහොත් ජල හිඟය එයට එකම කරුණ විය හැකි බවට අදහසක් පැන නැගී ඇත.

තිරිඟු කිලෝවක් හදන්න ජල ලීටර් 1000 ක්


ලෝකය මනුෂ්‍ය වාසය ඇරඹෙන විට එය ජල පහසුව ඇති ගංගාධාර ආශ‍්‍රිතව සිදුවූ බව ඉතිහාසය අධ්‍යයනය කරන විට පැහැදිලිව සනාථ වෙයි. සීමිත පිරිසක් ජීවත් වූ ලෝකය තුළ ජනගහන වර්ධනය සමග නොයෙකුත් ගැටලූ පැන නැගෙමින් තිබේ. ජලය, ආහාර එයින් ප‍්‍රධාන ම අභියෝග අතර පසුවෙනු ඇතැයි පිළිගැනේ. ගෝලීය උෂ්ණත්වය වැඩිවෙමින් පවතින අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අයිස් කදු දියැවීමට පටන් ගෙන තිබේ. මාලදිවයින වැනි රටවල් ඇතුළුව නොයෙක් රටවලට භූමිය අහිමිවනු ඇත. මුහුද යට කැබිනට් රැස්වීමක්  පවත්වමින් තමන් මුහුණදෙන ඉරණම ගැන ලෝක අවධානයට පාත‍්‍ර කරන්නට මාලදිවයින පසුගියදා ක‍්‍රියා කළේය. උෂ්ණත්වය වැඩිවීම සමග පරිසර වෙනස්කම් මතුවෙමින් තිබේ. කාලගුණ විපර්යාස ඒ අතරින් ප‍්‍රධානය. වැසි කාලය අඩුවීමක් පෙන්නුම් කරන අතර අපේක්ෂිත සමයේ වැසි නොලැබීමෙන් සහ අනපේක්ෂිත අවස්ථාවේ මහ වැසි වැටීමෙන් නියගය ද ගංවතුරද එක සේ ජන ජීවිත පීඩාවට පත් කරයි.
ජලය කළමනාකරණය කිරීම හා පිරිසිදු පානීය ජලය මහත් සම්පතක් සේ සළකන්නට මතවාදයක් ජගත් ප‍්‍රජාව තුළ ඇවිලෙන්නේ මේ අනුවය. එක්සත් ජාතින් ගේ සංවිධානය නිකුත් කළ අන්තර්ජාතික ජල සංවර්ධන වාර්තාවට අනුව ලෝක ජනගහනයෙන් පහෙන් එකක් පිරිසිදු පානීය ජලය හිඟකමෙන් ජීවත් වෙති. දිනපතා 14,000 කට අධික පිරිසක් ජලය විශවීමෙන් මියයන බවට ගණන් බලා ඇත. එයින් 11,000 ක් අවුරුදු පහට අඩු දරුවන් බව කනගාටුවට කරුණයි. ලොව පුරා ජලය හිඟ ප‍්‍රදේශ වල ජීවත්වන පවුල් වල කාන්තාවන් සහ ගැහැනු දරුවන් දිය එකතු කිරීමට වැය කරන කාලය එකතු කළහොත් එය වැඩ කරන්නට හැකි පැය මිලියන 200 ක් බව මෙම වාර්තාව වැඩිදුරටත් දක්වයි. වසර 2025 වන විට ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවනු ඇති අතර මෙම ජනගහනයේ වැඩිම වර්ධනය ආසියානු සහ අප‍්‍රිකානු කලාපයේ නගර ආශ‍්‍රිතව සිදුවනු ඇති බව සැලකේ.

සහල් කිලෝවකට ජල ලීටර් 1400 ක්


පසුගිය වසරේ අග ලෝකයේ නොයෙක් රටවල් අධික වැස්ස නිසා ඇතිවූ ප‍්‍රශ්න වලට මුහුණ දුන්නේය. ජාත්‍යන්තර මාධ්‍ය දක්වන අන්දමට අධික ශීතල හෙයින් දකුණු ඉන්දියාවේ සියගණනක් මිය ගියහ. බ‍්‍රසීලය,  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් ගණනාවක බරපතළ විනාශ සිදුව තිබේ. දැන් දරුණු නියඟයක් පැතිරෙන බව අනාවරණය වෙයි. ඇමෙරිකාව හා ඉන්දියාව එයට මුහුණ දෙමින් සිටී. නියඟය දරුණු අන්දමට ආහාර භෝග වගා විනාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය එතනොල් නිපදවීම වෙනුවෙන් කෘෂි භෝග වෙන් කිරීම සීමා කරන්නැයි දැනටමත් ඇමෙරිකාවට දැනුම් දී තිබේ. ආහාරයට ගත හැකි භෝග මගින් ජෛව ඉන්ධන නිපදවීම අද පැතිරෙමින් පවතින තත්ත්වයකි.
නියඟය හෙයින් ආහාර හිග වන විට පසුගිය සති හය ඇතුළත තිරිඟු මිල සියයට පනහකින් වැඩිවී ඇති අතර එවැනි පසුබිමක ඉන්ධන නිපදවන්නට තිරිඟු ප‍්‍රයෝජනයට ගැනීම නුසුදුසු බව පර්යේෂකයන්ගේ තීරණයයි. මේ අතර පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ තිරිගු කිලෝවක් නිපදවන්නට ජලය ලීටර් 1,000 ක් අවශ්‍ය වන බවය. සහල් කිලෝවක් නිපදවන්නට ජලය ලීටර් 1,400 ක් වැය කරන්නට ගොවියන්ට සිදුවෙයි. සත්ව පාලනයෙහි නිරත ගොවියන් මස් කිලෝවක් වෙනුවෙන් වියදම් කරන ජලය ප‍්‍රමාණය ලීටර 13,000 කි. මේ අතර වැඩිම ඒක පුද්ගල ජල පරිභෝජනයක් වාර්තා කරන්නේ උතුරු ඇමරිකාව හා ජපානයයි. එම රටවල වැසියන් ගේ දෛනික ඒක පුද්ගල ජල පරිභෝජනය සාමාන්‍යයෙන් ලීටර 360 කි. යුරෝපයේ එය ලීටර් 200 ක් වන අතර සහරා සහ අප‍්‍රිකානු කලාපයේ රටවල ඒක පුද්ගල දෛනික ජල පරිභෝජනය ලීටර 10-ත් 20ත් අතර බව පෙන්වා දෙයි.
ආහාර නිපදවන්නට ජලය අවශ්‍ය ප‍්‍රමාණය දෙස බලනවිට කෘෂිකාර්මික ජීවිතයක් ගත කරන සාමාන්‍ය ලෝකවාසීන් ජල සංරක්ෂකයන්ය. ධනවත් සහ මාංශ අනුභව කරන සමාජය එයට ජලයෙන් ගෙවන වන්දිය විශාලය. මේ අතර ගංගා, වැව් සහ ළිං මගින් පවතින පිරිසිදු ජලයෙන් සියයට 93 ක් වැය කෙරෙන්නේ කෘෂිකාර්මික අංශ වෙනුවෙන් බව ජල කළමනාකරණය සම්බන්ධ පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. ලෝකය පුරා ජලය කළමනාකරණය සහ එහි අලූත් ආකල්ප වගා කළ යුතු යැයි පෙන්වා දෙන පර්යේෂකයන් නගන අනතුරක් වන්නේ ලෝකයේ රටවල් දෙකක් හෝ එයට වැඩි ගණනක් බෙදා හදා ගන්නා විශාල ගංගා හා ජලාශි‍්‍රත ප‍්‍රදේශ 260 ක් පවතින බවයි. මෙම පොදු භාවිතය සම්බන්ධයෙන් නිශ්චිත නීත්‍යානුකූල ගිවිසුමක් නැත. නුදුරු යුගයක ජලය අර්බුදයක් වුවහොත් මෙම ජල පද්ධති බෙදා ගැනීම ඉදිරියේ ප‍්‍රශ්න මතුවීම වැළැක්විය නොහැකිය.

මස් කිලෝවක් හදන්න ජල ලීටර් 13000 ක්


ජලය පිරිසිදු කර පානීය අවශ්‍යතා වෙනුවෙන් පොදු ජනතාවට බෙදාදීම අන්තර්ජාතිකව විශාල උනන්දුවකින් කෙරෙන ව්‍යාපෘතියකි. දැනට මැද පෙරදිග පමණක් නොව ඇමෙරිකාව ඇතුළු රටවල් විශාල ගණනක් අපවිත‍්‍ර ජලය පිරිසිදු කර පානීය ජලය වශයෙන් පොදු ජනතාවට බෙදා හැරීමේ නිරතව සිටී. ඊශ‍්‍රායලය ජලය කියුබික් මීටරයක් පිරිසිදු කරන්නට ඇමෙරිකානු ඩොලර් ශත 53 ක් වියදම් කරයි. සිංගප්පූරුව වියදම් කරන මුදල ඇමෙරිකානු ඩොලර් ශත 49 කි. ඊශ‍්‍රායලය ජලය පිරිසිදු කර බෙදා හරින අතර පරෙස්සමෙන් ජලය ප‍්‍රයෝජනයට ද ගනියි. සෙවණ සලසන දැල් සහ ජල බිංදු තාක්ෂණයෙන් කෘෂිකර්මයෙහි නිරත වන්නට එරටට හැකියාවක් ලැබී ඇත. නමුත් අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ නාගරික සංස්කෘතියේ දී මෙලෙස බෙදාහරින ජලයෙන් සියයට 30-ත් 50ත්  අතර ප‍්‍රතිශතයක් නාස්ති වී අපතේ යන බවය. පහසුවෙන් මිනිස් පරිභෝජනයට පමණක් වෙන්කළ යුතු පිරිසිදු කළ පානීය ජලය අපතේ යැවීම සැලකිය යුතු ධන හානියක් බව අනාවරණය වෙයි.
මේ අතර ලෝකයේ රටවල් ගණනාවක් එකතු වී ජල සංරක්ෂණ අරමුදලක් පිහිටුවා තිබේ. නොයෙක් රටවල පිළිගත් මූල්‍යායතන පළමු වතාවට පොදු ජනතාවට පානීය ජල පහසුකම් සපයා ගැනීමට කුඩා ණය නිකුත් කරන්නට පියවර ගෙන ඇත. ජල පෝෂක ප‍්‍රදේශ සහ ස්වභාවික ජල පද්ධති ආරක්ෂා කරන්නට මැදිහත්විය හැකි ආකාරය ගැන ජගත් ප‍්‍රජාව පොදු සම්මුති වලට එළැඹෙමින් තිබේ. රටක් තුළ ඇති ජල සම්පත රටට වැදගත් නමුත් එය ලෝක ප‍්‍රජාවට එයටත් වඩා වැදගත්වන දිනයක් එළැඹෙමින් තිබේ. ජලයට නියම වන මිල එකී ඉල්ලූම අනුව තීරණය කෙරෙන දිනය නුදුරු අනාගතයේ දීම අනාවරණය වනු ඇත.