Pages

Thursday, 18 April 2013

ජාන තාක්ෂනය


ජාන වෙනස් කර නිපදවූ බඩඉරිඟු  

ජාන කියන වචනය අපේ අහල නැති කෙනෙක් නැති තරම්. ශාක, සතුන් ආදී සියලුම ජීවීන්ගේ දේහ ලක්ෂණ බහුතරයක් තීරනය කරන්නේ මේ ජාන මගින්. සමහර මිනිස්සුන්ගේ හම සුදුපාට වෙද්දී තව සමහරකගේ කලු පාට වීමටත්, සමහර මිනිස්සු උස වෙද්දී තව සමහරු මිටි වීමටත්, ඇතැම් වී වර්ග වැඩි අස්වනු දෙන විට සමහර වී වර්ග අඩු අස්වනු ලබාදීමටත්, රට හරක් වැඩි කිරි ඵලදාවක් දෙනවිට බ‍ටු හරක් අඩු කිරි ඵලදාවක් දීමටත් හේතුව, මෙම  ජාන ජීවියාගෙන් ජීවියාට වෙනස් වීමයි. සෑම ජීවියෙකුටම ප්‍රභල ලක්ෂන එක්ක දුබල ලක්ෂනත් තියෙනවා. ඒක  සොබාදහමේ එක් න්‍යායක්. සමහර වී වර්ග ඉහල අස්වනු ලබා දුන්නත් පලිභෝධ වලට ඔරොත්තුදීමේ හැකියාව අඩුයි. ඒ වගෙම සමහර වී වර්ග අඩු අස්වනු ලබාදුන්නත් පලිභෝධ වලට ඔරොත්තුදීමේ හැකියාව වැඩියි. මේ වගේ කාරනා සම්බන්ධයෙන් ඔබට ප්‍රායෝගික අත්දැකීම් හොදටම ඇතිබව මට විශ්වාසයි.සොබාදහමේ මේ සංසිද්ධිය ටිකක් එහාට මෙහාට කරලා තමයි ජාන වෙනස් කල භෝග නිර්මානය කරන්නේ. දුර්වල ලක්ෂණ ඉවත්කර හෝ ප්‍රභල ලක්ෂන අලුතෙන් ඇතුලත් කර හොඳ ලක්ෂන ගනනාවක් සහිත ජීවියෙක් මෙහිදී නිර්මානය කරනවා. 

උදා :-  බඩ ඉරිගු වගා කරන කොට තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි පලිභෝධ හානි වැඩිවීම. කෘමි හානි මින් විශේෂයි. මීට විසදුමක් විදියට ගස තුලදිම කෘමීන්ට අහිතකර කෘමිනාශක නිපදවන බඩ ඉරිගු වර්ගයක් නිපදවල තියෙනව. මේ බඩ ඉරිගු වර්ගය සෑදීමට Bt හෙවත් Bacillus thuringiensis බැක්ටීරියාව සතු කෘමීන්ට විෂදායී සංයෝග නිපදවන ජානය බඩ ඉරිගු ශාක සෛලවලට අතුලත් කරල තියෙනවා. අමතරව කෘමිනාශක වලට යන වියදම් අඩුවීම, කෘමිනාශක නිසා සිදුවන පරිසර දූෂනය අවමවීම, කෘමිනාශක හේතුවෙන් මිනිසුන්ට සිදුවිය හැකි විෂවීම ඉවත්වීම, ප්‍රමානාත්මකව සහ ගුණාත්මකව ඉහල අස්වැන්නක් ලැබීම, නිශ්පාදන පිරිවැය අඩුවීම වගේ වාසි ‍රැසක් මින් අත් වී තිබෙනවා. වාසි වගේම අවාසි කීපයක්ද මෙම ජාන වෙනස් කල භෝග  සතුව පවතිනවා.

මහා පරිමානව බඩඉරිඟු වගාකරන ගොවියෙක් ඉන්නවා, අනෙකුත් ඉරිඟු වර්ගයන්ට සාපේක්ෂව කෘමිහානි ඉතා අවම, දිලීර වයිරස් සහ බැක්ටීරියා රෝගවලට මැනවින් ඔරොත්තු දෙන, නියඟ තත්ව සාර්ථකව තරණය කල හැකි බඩඉරිඟු ප්‍රභේදයක් ඔහුට ලබාදෙනවා. ඔබ හිතන විදියට ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද???  ටිකක් හිතල බලන්න...

90 දශකයේ මැද භාගයෙදි ජාන වෙනස් කල භෝග ඇතැම් රටවල් සිය වගාකරුවන්ට හදුන්වාදෙනවිට ඔබ කලින් මුහුනදුන් තත්වයටම ඔවුනුත් මුහුන දුන්නා. වගාකරුවන්ගෙන් බහුතරය අවම වශයෙන් මේ සිද්ධිය විශ්වාස කිරීමටවත් පෙළඹුනේ නැහැ. නමුත් ප්‍රායෝගිකව ජාන වෙනස් කල භෝගවල එම ලක්ෂන සැබෑවටම පවතින බව පසුව ඔවුන් අවබෝධකර ගත්තා. ආර්ථිකව සහ පාරිසරික වශයෙන් මෙම ජාන වෙනස් කල භෝග වගා කිරීම ඉතාමත්ම වාසි සහගත ක්‍රියාවක් වුනා.

1996 වෙනකොට සමස්ත ලෝකයෙන්ම ජාන වෙනස් කල භෝග වගාකොට තිබුනේ වර්ග කි.මී. 17,000 වැනි භූමි ප්‍රදේශයක. නමුත් 2011 වනවිට එම භූමි ප්‍රමානය වර්ග කි.මී.1,600,000 දක්වා වැඩිවුනා. ( අවුරුදු 15 ක් තුලදී 94 ගුණයක වැඩිවීමක්) වගාකරුවන් අතර ජාන වෙනස් කල භෝග ප්‍රචලිත වූ තරම එයින්ම පැහැදිලියි. 2010 දී කල ඇස්තමේන්තුවකින් හෙලිවූයේ ලොව සම්පූර්න වගාබිම් වලින් 10% ක් ජාන වෙනස් කල භෝග වගාකරමින් පවතින බවයි.


මුල් අවධිවලදී මෙම භෝග වැඩි වශයෙන් වගාකරන ලද්දේ සංවර්ධිත උතුරු ඇමරිකානු (ඇ.එ.ජ , කැනඩාව) රටවලය. ඒත් මෑත කාලයේදී සංවර්ධනය වෙමින් පවතින රටවලද සීඝ්‍රයෙන් මෙම භෝග වර්ග ව්‍යාප්තවෙමින් පවතිනවා. 2011 වනවිට ඇ.එ.ජ, බ්‍රසීලය, ආජන්ටිනාව ප්‍රමුඛ ලොව රටවල් 29ක වගාකරුවන් මිලියන 16.7 ක් මෙම ජාන වෙනස් කල භෝග වගාවේ යෙදෙනවා.

ජාන වෙනස් කල භෝග වගාකරන ලොව ප්‍රධාන රටවල් (2011)
මේ වනවිට (2012) ලොව විශාලතම  ජාන වෙනස් කල භෝග  නිෂ්පාදක රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. හෙක්ටයාර මිලියන 69 කට අධික භූමි ප්‍රමානයක් ඔවුන් මේ සදහා වෙන්කර තිබෙනවා. බඩඉරිඟු, සෝයාබෝංචි , කපු, කැනෝලා, සීනි නිපදවීමට ගන්නා බීට්, ඇල්ෆැල්ෆා තෘණ සහ පැපොල් ඔවුන් වගා කරන මෙවැනි ජාන වෙනස් කල භෝග අතුරින් සමහරක්. දෙවන විශාලතම නිෂ්පාදක රට බ්‍රසීලයයි. එය හෙක්ටයාර මිලියන 30.3 ක වපසරියක්. හෙක්ටයාර මිලියන 23.7 ක් වගාකරමින් ආජන්ටිනාව තුන්වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ලොව හතරවන විශාලතම නිෂ්පාදකයා වන්නේ අපගේ අසල්වැසි රට වන ඉන්දියාවයි. හෙක්ටයාර මිලියන 10.6 ක් ඔවුන් මේ යටතේ වගා කරනවා. අන්ද්‍රාප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, කර්ණාටක සහ තමිල්නාඩු යන ප්‍රාන්තවල මෙය වඩාත් ප්‍රචලිතවී තියෙනවා. ඉන්දීය කපු නිෂ්පාදනයෙන් 86% ක් මෙම ජාන වෙනස් කල කපු වලින් සමන්විත වෙනවා.
ඔන්න ඔහොමයි රටරටවල ජාන වෙනස් කල භෝග වගාකිරීම.


රන්වන් පැහැති සහල් : Golden Rice


රන් අස්වනු මංගල්‍යය, “බිමට නැමුණු රන්කරල්යන වදන් ඔබ මීට පෙර අසා ඇතිසශ්‍රීකත්වයේ සහ සෞභාග්‍යත්වයේ සංකේතයක් ලෙස මෙම රන් යන විශේෂණය යොදා ගනීඑහෙත් අපි දන්නා සහල් සැබවින්ම  රන්වන් පාට නැතබොහෝවිට  ඒවා  සුදු  හෝ  රතු  පැහැයක්  ගනී.නමුත් සැබවින්ම රන්වන් පැහැති සහල් ලොව පවතින බව ඔබ දන්නවාද?

2000 වසරේදී පළමුවරට රන්වන් පැහැති සහල් (Golden Riceපිළිබඳව ලොවට අනාවරණය කෙරිනස්වාභාවික පරිසරයේ  නිර්මාණයක් නොවන මෙම රන් සහල් ජාන ඉංජිනේරු විද්‍යාවෙන් හඳුන්වාදෙන ලදීඑබැවින් මෙය (Genetically Modified Organismනම්  ඝනයට අයත් වේඑසේවුවද අනෙක් බොහෝ සහල් අයත්වන Oryza sativa විශේෂයටම මෙම සහල් ප්‍රභේදයද අයත් වේමහාචාර්ය Ingo Potrykus විසින් මෙය ලොවට හඳුන්වාදෙන ලද්දේ  කුඩා ළමුන් අතර පවතින්නාවූ විටමින් ඒ ඌනතාව හෙවත් (VADඅවම කිරීමේ වෑයමක් ලෙසය.

normal rice vs golden rice
අනෙකුත් සහල් ප්‍රභේදයන්ට සාපේක්ෂව මෙහි වැඩි බීටා කැරොටීන් (β caroteenප්‍රතිශතයක් අන්තර්ගතයසත්ව ශරීර තුලදී මෙම බීටා කැරොටීන්විටමින් ඒ බවට පරිවර්තනය වේමේ ඉහල බීටා කැරොටීන් මට්ටම නිසා මෙම ලාක්ෂණික රන්වන් පැහැය සහල්වලට ලැබී ඇතවසර 2005 දී තවදුරටත් මෙය වැඩිදියුණු කල අතර (Golden Rice 2)  නම් වූ මෙම නව ප්‍රභේදයේ  පළමු ආකාරයට වඩා 23 ගුණයකින් බීටා කැරොටීන් මට්ටම වැඩි වියSyngenta සමාගම මීට  දායක  විය.

එහෙත් තවමත් මිනිස් පරිභෝජනයට මෙම  වර්ග  දෙකෙන්  කිසිවක්  නිකුත් කර නැතවිවිධ පාරිසරික සංවිධාන වලින් මතුවු දැඩි විරෝධය මීට හේතුවියමීට ප්‍රධාන හේතූන් ලෙස මෙය (GMOවර්ගයට අයත්වීමවිටමින් ඒ ඇති  ස්වභාවිකව  පවතින  විකල්ප  අහාර බහුලව තිබීම (බතලකොළ පැහැති එළවලුපලතුරු)මෙම රන් සහල් වලට අවසර දීම වෙනත් (GMOවර්ග පරිභෝජනයට දෙන අවසර පතක් ලෙස වක්‍රාකාරව දිස්වීම මෙවැනි  හේතුන්ගෙන්  කීපයකි.          


කොරල් පර



කොරල් පර යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය‍ නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන ඇරගනයිට් ව්‍යුහයන් වේ. කාෂිකාර්මික ප්‍රදේශ වලින් නිකුත් කරනු ලබන අධි පෝෂණය සහිත සංඝටක නිසා ඇල්ගි වල වර්ධනය දිරිමත් කිරීම මගින් මෙකී කොරල් පර වලට හානි සිදුවිය හැකිය. බොහෝ කොරල් පර වල ප්‍රමුඛතම ජීවි විශේෂයන් වනුයේ පාෂාණමය කොරල්ය. මේවා කැල්සියම් කාබනේට් බහිස්සැකිලි ස්‍රාවය කරන ගනාවාසයේ නිඩේරියාවන්ගෙන් සැදී ඇත. මෙලෙස සැකිලි ද්‍රව්‍ය එක්රැස්වීමෙන් සහ කැඩිබිදි ඒවා සාගර තරංග මගින් එකිනෙක මත ගොඩ ගැසි ජෛව විඛාදනයට පත් වීමෙන් සුවිශාල කැල්සියම් වලින් සැදුම්ලත් ගනාවාස බිහිවන අතර ඒවා මගින් අනෙකුත් ජීවි කොරල් වලට සහ විශේෂ මාදලි වල වෙනත් ශාක හා සත්ව ජීවිත වලට ආධාර සපයනු ලැබේ. 
මේකි කොරල් නිවර්තන සහ සෞම්‍ය ජලයෙහි දක්නට ලැබුණද කොරල් පර සෑදෙනුයේ සමකයෙහි සිට අක්ෂාංශ 30 කත් සහ දේෂාංශ 30 ක් අතර කලාපයේදීය. කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. 
Coral-reef-water.jpg
එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි. කොරල් පර ගොඩනගන හෙවත් hermatypic කොරල් හමුවන්ගේ ප්‍රකාශ කලාපයේ (50m ට වඩා නොගැඹුරු )ය. එනම් ප්‍රභාසංශ්ලේෂණය වීමට තරම් ප්‍රමණවත් හිරු එළිය ලැබෙන ගැඹුරු මට්ටම තෙක් පමණී.කොරල් බහුබාවන් ප්‍රභාසංශ්ලේෂණය නොකළත්, ඒක සෛලික ඇල්ගාවක් වෙන zooxanthellate සමඟ සංකේතාත්මක සම්බන්ධතාවයක් පවතී.මෙම ඇල්ගී සෛල කොරල් බුහුබාවාගේ පටක තුළ ප්‍රභාසංශ්ලේෂණය කරමින් නිපදවන අමතර කාබනික පෝෂක කොරල් බුහුබාවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබයි.මේ සබැඳියාව නිසා වැඩි හිරු එළිය ප්‍රමාණයක් ලැබෙන පැහැදිලි ජලයේදී කොරල් පර වේගයෙන් වැඩේ.

 මෙම සහජීවනය නොමැතිනම් කොරල් පර ඒවායේ චමත්කාර ජනක ව්‍යුහය තෙක් වර්ධනය වීම ඉතාමත් සෙමෙන් සිදුවනු ඇත. කොරල් ලිංගික හා අලිංගික යන ආකාර දෙකෙන්ම වර්ගයා බෝකරගනී.තනි බුහුබාවකු හට සිය ජීවිත කාලය තුළදී මේ අකාර දෙකම උපයෝගී කරගෙන වර්ගයා බෝකර ගැනීමට හැකිය.කොරල් ලිංගිකව තම වර්ගයා බෝකිරීම අභ්‍යන්තර හෝ බාහිර සංසෙචනයෙන් සිදුකරයි. ප්‍රජනක සෛල උදර කුහරයේ රේඛාලෙස ඇති පටක ස්ථරයකින් ඇතුළට විහිදුනු මධ්‍යාන්ත්‍රක පටල වල ඇත.ඇතැම් වැඩුණු වයස්ගත කොරල් ද්විලිංගික වේ.අනෙක් කොරල් වෙන්වෙන් වශයෙන් ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංගිකවේ. ඔවුන් වැඩෙන විට ඉතා සුළු ඒකාකාරී ලිංගික වෙනසක් දැකිය හැකිය.

ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වුද, වෙරළ බඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්‍රිත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හැදින්විය හැකිය.
කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ

. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි.

කොරල් පර වර්ධනයට අවශ්‍ය සාධක


ලෝකයේ පවතින සෑම මුහුදකම කොරල් පර වර්ධනය වන්නේ නැත. කොරල් පර වර්ධනය සඳහා සුදුසු විශේෂිත පරිසර පද්ධතියක් ඇති සාගර වල පමණක් කොරල් පර වර්ධය වේ. එම විශේෂිත අවශ්‍යතා මොනවාද යන්න පහත දැක්වේ.
  • සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 20-30 අතර පරාසයක විය යුතුය.
  • සාගර ජලයේ ලවණතාවය කොටස් 30-35 අතර නොවෙනස්ව පැවතිය යුතුය.
  • සූර්යයාලෝකය හොඳින් සාගර පත්ලට ලැබිය යුතුය.
  • ඉතා පිරිසිදු ජලයක් පැවතිය යුතුය.
  • සාගර පත්ල පොලිප් ජීවියාට පදිංචි වීමට සුදුසු තත්වයට තැනිතලා, ස්ථාවර එකක් විය යුතුය.
සාගර ජලයේ උෂ්ණත්වය එකවර සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් පමණ වෙනස් වුවහොත් කොරල් පර විනාශ විය හැක. එයට හේතුව වන්නේ උෂ්ණත්වයේ ක්ෂණික වෙනස් වීම පොලිප් ජීවියාට ඔරොත්තු නොදෙන බැවින් එම ජීවියා මැරි යාමයි. එම ජීවියා විනාශ වු විට කොරල් පර වර්ධනයක් නොවන බැවින් කොරල් පර , අජීවී තත්වයට පත් වී විනාශ වී යයි. එම තත්වයම සාගර ලවණතාවය වෙනස් වූ විටද සිදුවිය හැක. කොරල් පර වර්ධනය මීටර් 50 දක්වා වූ ගැඹුරු මුහුද දක්වා සිදුවේ. එයට හේතුව සූර්යය තාපය ඊට වඩා ගැඹුරට නොයන බැවිනි.

කොරල් වලින් මිනිසුන් ලබා ගන්නා ප්‍රයෝජන


  • මසුනු,පොකිරිස්සන්, කකුළුවන්, බෙල්ලන් වැනි ආහාරයට සුදුසු ජීවීන්ආහාරයට ලබා ගැනීම.
  • පසෙහි ආම්ලිකත්වය උදාසීන කිරීම සඳහා රසායනයක් ලෙස යොදා ගැනීම.
  • අපනයන සඳහා විසිතුරු මසුන් ගල්මල් ලබා ගැනීම.
  • ලියුකේමියා සහ පිළිකා වැනි රෝග වලට අවශ්‍ය බෙහෙත් වර්ග ලබා ගැනීම.
  • ඉදිකිරීම් කටයුතු සඳහා හුණු ලබා ගැනීම.
කොරල් පර ආශ්‍රිත වෙනත් ජීවීන්ගෙන් මිනිසාට අනාගතයේදී ලබා ගත හැකි ඵල ප්‍රයෝජන වැඩි වනු ඇත. මෑතදී ඇති වූ සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයත් සමඟ කොරල් ආශ්‍රයෙන් ලබා ගන්නා ප්‍රයෝජන වේගවත් වී ති බේ.මේ තත්වය යටතේ මිනිසා මෙම මහඟු සම්පත ප්‍රමාණය ඉක්මවා ප්‍රයෝජනයට ගෙන ඇත. එබැවින් මෙම සම්පත තර්ජනයකට මුහුණ දී ඇත.ඒ සමඟම වෙරළ බඩ ඇති ඇතිවන පරිසර දූෂණයන්ද (අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වැනි දේ ගංඟාවනට සහ මුහුදට යැවීම) මෙම පද්ධතිය පිරිහී යාමට හේතු වී ඇත.

කොරල් පර විනාශ වීමට තුඩු දෙන හේතු.



මිනිසා හුදු අනිතගාමී ලාභ ප්‍රයෝජන සඳහා කොරල් පර ප්‍රදේශ යොදා ගැනීම නිසා එම පර වලට වන හානිය ස්වභාවික ක්‍රියාවලියෙන් වන හානියටත් වඩා අති මහත් ය.එවැනි අවස්ථා කිහිපයක් නම්,
  • පත්ල සූරාගෙන යාහැකි දැල් වලින් මසුන් ඇල්ලීම.
මේ මගින් මුහුදු පැලෑටි සහ කොරල් සහ වෙනත් සියලුම ජීවීහු කැඩී විනාශ වී යයි.
  • ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීම.
ඩයිනමයිට් භාවිතය නිසා ඇති වන කම්පනය මගින් ලොකු කුඩා ජීවීහු විශාල වශයෙන් විනාශ වෙති.මේ මගින් කොරල් පරද දෙදරා ගොස් එහි ස්ථාවරත්වයට හානි පැමිණේ.
  • හුණු ලබා ගැනීම සඳහා කොරල් ඉවත් කිරීම.
මෙය පාරම්පරිකව කෙරෙන වෘත්තියකට සම්බන්ධ ක්‍රියාවලියකි. එහෙත් මෑතක සිට ගොඩනැගිලි ඉදිකිරීම් වේගවත් වීම නිසා හුණු ඉල්ලුමද වේගවත් වී තිබේ.මේ මගින් කොරල් පර සීඝ්‍රයෙන් විනාශ වීමට හේතු වේ.
  • සිහිවටන සඳහා තබා ගැනීමට කොරල් කැඩීම.
සංචාරක කර්මාන්තය දියුණු ප්‍රදේශවල මෙය බලව සිදුවේ.
  • ජල දූෂණය
මුහුද ආශ්‍රිත වෙරළ කොටස් වල සුදු කොහු සෑදීම සඳහා පොල්ලෙලි ගෙන පල් කිරීම හේතු කොට ගෙන කොරල් පර විනාශ විය හැක.
  • යාන්ත්‍රික බෝට්ටු නතර කිරීමට නැංගුරම් භාවිතා කිරීම.
විශේෂහෙන්ම කොරල් පර සහිත ප්‍රදේශවල යාන්ත්‍රික බෝට්ටු වල නැංගුරම් මුහුදු පත්ලට බැස්සවීම නිසා කොරල් පර සීරීයාම සහ කැඩී යාම මගින් ඒවා විනාශයට පත් වේ.
  • වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් කොරල් පර විනාශ වී යාම.
ගංඟා නිම්න ප්‍රදේශවලට පෝෂක ප්‍රදේශ එළි කිරීම නිසා ගං වතුර ඇතිවේ. මෙහිදී ගං වතුර ගෙන එන රොන්මඩ අධික ප්‍රමාණයක් කොරල් පර සහිත ප්‍රදේශවල අධික ලෙස තැන්පත් වී ඒවා වැසී යාමෙන් කොරල් පර වර්ධනයට බාධා පැමිණේ.

කොරල් පර සංරක්ෂණය


මිනිසාට ආර්ථික වශයෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබා දෙන්නා වු කොරල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශ එක් අතකින් මිනිසාට සෞන්දර්යය ලබා දීමෙන් මානසික තෘප්තියක් ඇති වේ. මුහුදු ජීවීන් සංඛ්‍යාවකට රැකවරණය ද සලසයි. මේ නිසා කොරල් පර වලින් ප්‍රයෝජන ගැනීමේදී මිනිසා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ කල්කුඩා ප්‍රදේශයේ කොරල් කැඩීම නතර කිරීම නිසා ස්වභාවික ව තැන්පත් වු කොරල් වැටියක් නිර්මාණය වී ඉතා කෙටි කාලයකදී වෙරළ තීරයක් ගොඩ නැගී ඇත. ලෝකයේ වෙනත් රටවල් කොරල් පර සම්පත වැඩි කිරීම සඳහා කෘත්‍රීම ලෙස කොරල් නිර්මාණය කෙරේ.
තවත් සමහර රටවල පරණ නැව් මුහුදේ ගිල්වීමෙන් කොරල් වැඩීමට ඉඩ සලසා ඇත. දැනට ලංකාවේ හික්කඩුව ප්‍රදේශය තුළ අක්කර 110 ක සාගර අභය භූමියක් පිහිටුවා ඇත. එය 1979 සී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කරන ලද්දකි.

කොරල් පරවල ව්‍යාප්තිය



ඉන්දු ශාන්තිකර කලාපයේ (රතු මුහුද , ඉන්දියන් සාගරය , අග්නිදිග ආසියානු සහ ශාන්තිකර සාගරද ඇතුළත්ව) වර්ග කිලෝමීටර් 284,300 පුරා පැතිර ඇති බවට ගණනය කර ඇති මෙම කොරල් පර සමස්ත කොරල් පරවලින් 91.9% වේ. මෙම සංඛ්‍යාවෙන් 32.3% ක් අග්නි දිග ආසියාවෙන් ද , 40.8% ක් ඕස්ට්‍රේලියාවෙන් ද ඇතුළත්ය. සමස්ත කොරල් පර ප්‍රමාණයෙන් 7.6% පමණක් අත්ලාන්තික් සහ කැරිබියානු කොරල් පර වේ.




කොරල් පර ඉතාම සීමිතව හෝ දක්නට නොමැති වන්නේ ඇමරිකානු සහ අප්‍රිකානු බටහිර වෙරළ තීරයන්ගේය. ගොඩගැනීම් ක්‍රයාවලිය සහ දැඩි සිසිල් සාගර දියවැල් මගින් මෙම ප්‍රදේශවල සාගර ජලයෙහි උෂ්ණත්වය පහත වැටීම ප්‍රාථමිකව මෙම සීමිත භාවයට හේතු වේ. ආසියාවේ වෙරළ තීරයෙන් එපිට පාකිස්ථානයේ සිට බංග්ලාදේශය දක්වා වෙරළ තීරයේ ද කොරල් පර සීමිත වී ඇත. ඇමසන් නදියෙන් සහ ගංගා නදියෙන් ඉතා විශාල වශයෙන් ජලය සාගරයට මුදා හරින බැවින් පිළිවෙලින් දකුණු ඇමරිකාවේ ඊසාන දිගින් ද බංග්ලාදේශය අවට ද කොරල් පර සීමිත වී ඇත.
ලෝකයේ ප්‍රසිද්ධ කොරල් පර සහ පිහිටා ඇති ප්‍රදේශ :-
  • මහා බාධක පරය - ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය , ඕස්ට්‍රේලියාවේ , ක්වීන්ස්ලන්තය
  • බෙලිස් බාධක පරය - ලෝකයේ දෙවන විශාලතම කොරල් පර පද්ධතිය , මෙක්සිකෝහි දකුණු ක්වින්ටානාරෝ සිට පැතිරෙන මෙම පරය බෙලිස් වෙරළ තීරය දිගේ පහළට හොන්ඩ්‍යුරාස් දුපත දක්වා පැතිරේ.
  • රතු මුහුදේ කොරල් පරය - ඊජිප්තු වෙරළ තීරයෙන් එපිට සිට සවුදි අරාබිය දක්වා
  • පුලී රිජ් - ගැඹුරුම , ප්‍රභාසංස්ලේෂණයේ යෙදෙන කොරල් පරය, ෆ්ලොරිඩා
  • නව කැල්ඩේනියා බාධක පරය - ලෝකයේ දෙවන විශාලතම ද්විත්ව බාධක පරය වන මෙය කිලෝ මීටර් 1500 පමණ දිග වේ.

තර්ජන


ලොව පුරා කොරල් පර විනාශ වෙමින් පවතිති.විශේෂයෙන්ම, කොරල් පර කැඩීම, කෘෂිනාර්මික හා නාගරික අපහරණ, දූෂණය (කාබනික හා අකාබනික),අධික මස්මැරීමපිපිරුම් මස්මැරීම, රෝග, සහ කාණු කැපීම සහ දිවයින් හා මුහුදු බොකු වෙත ප්‍රවාහණය යන දේ කොරල් පරිසර පද්ධතීන්ට ස්ථානගත තර්ජන වෙති. පුළුල් තර්ජන වන්නේ සාගර උෂ්ණත්වය ඉහළ යෑම, සාගර ජල මට්ටම ඉහළ යෑම සහ සාගර අම්ලකරණය නිසාවෙන් pH අගයෙහි වෙනස්වීම්, යන මේ හරිතාගාර වායු විමෝචනයන් හා බැඳි සියල්ල වෙති.
පෘථිවි සාගරවල ජීවත් වන කොරල්පර වලට මිනිස් ක්‍රියාකාරකම් විශාල තර්ජනයක් එල්ල කරයි. මෙම පරිසර පද්ධතිවලට එල්ලවී ඇති ප්‍රබලම තර්ජනය වන්නේ දූෂණය හා අධික ලෙස මසුන් මැරීමයි. බෝට්ටු ගමනාගමනය හා නැව් තදබදය නිසාද කොරල්පර භෞතික විනාශ වීම සිදු වේ. ආහාර පිණිස සිදුකරන මාළු වෙළඳාම මෙයට හේතු වී ඇත්තේ සයනයිඩ් (Cyanide) භාවිතා කිරීම නිසාය. මීට අමතරව එමඟින් නිවර්තන කලාපයේ ජීවත්වන මිනිසුන්ටද හානි ගෙන දේ. Hughes (2003) ගේ වාර්ථාවලට අනුව ජනගහන වර්ධනය හා ප්‍රවාහන ක්‍රමවල සිදුව ඇති දියුණුව කොරල්පර සඳහා විශාල වශයෙන් බලපා ඇත. නිදසුන් වශයෙන් මසුන් සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා ගෝලීය වෙළඳපොළක් ඇති වීමත් කොරල්පර ආශ්‍රිත සම්පත් සඳහා ඇති ඉල්ලුම සැපයීමේදී ඊට අදාළ ප්‍රභවයන් විනාශ වී යාමක් දැක්විය හැකිය. පර්යේෂකයින් දැනටමත් කොරල්පර පද්ධතියට බලපෑම් එල්ලකරන විවිධ සාධක නිවැරදිව තහවුරු කර ගනිමින් සිටී. මේ සඳහා විවිධ සාධක බලපායි. නිදසුන් වශයෙන් සාගරය විසින් සිදු කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය පෘථිවි වටපිටාවේ සිදුවන වෙනස්කම් පාරජම්බුල කිරණ සාගර ආම්ලීකරණය ජීව විද්‍යාත්මක වෛරස් (Virus) දූවිලි කුණාටුවල බලපෑම, ඇල්ගී හා අනෙකුත් ශාකවල බලපෑම දැක්විය හැකිය. වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලදී කොරල්පරවලට වැඩි තර්ජනයක් එල්ල වේ. මීට අමතරව ඉඩම් සංවර්ධනය හා දූෂණයද සැළකිය යුතු හානියක් සිදු කළත් ගැටළුව වඩා පුළුල් ස්වභාවයක් ගනී.

කොරල් පර සුරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය






පැපුවා නිව්ගිනියාහි අවුස් දිවයිනෙහි ගුවන් ඡායාරූපයක් ඉහත දැක්වේ. අවුස් දිවයින, මැනුස් පළාත සහ පැපුවා නිව්ගිනියා යන ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ඔවුන්ගේ කොරල් කලපු හයක සම්ප්‍රදායික ක්‍රමයට මසුන් මැරීම සීමා කරන ලදහ. රැහැනේ ඇති මසුන් මැරීමට අවසර දුන් අතර සංස්කෘතික චාරිත්‍ර අනුව දැල් යොදා සහ පොලු වලින් ගසා මගින් මසුන් මැරීම සීමා කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මසුන් මැරීම සම්පූර්ණයෙන්ම සීමා නොකළ ප්‍රදේශ වලට ජෛව ස්කන්ධය සහ එක් එක් මසුන්ගේ ප්‍රමාණය සැලකිය යුතු තරම් විශාල විය. ලෝකයේ දැනට තිබෙන කොරල් පර වලින් 60% ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් නිසා අවදානමට මුහුණපා ඇති බව ඇස්තමේන්තු කර ඇත. විශේෂයෙන් ගිණිකොණ ආසියාවේ කොරල් පරවල බලපා ඇති තර්ජනය අති මහත්ය. එමනිසා එම කොරල් පරවලින් 80% ප්‍රමාණයක් විනාශ වී යාමේ තර්ජනයට ලක්වී ඇත . කොරල් කේ. කවුන්ටර්පාර්ට් වැනි සංවිධාන සහ දකුණු පැසිපික් කලාපීය ජනතාවගේ පදනම කොරල්පර/ කොරල් පර වළල්ල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති නූතනයේ පවත්වාගෙන යනු ලැබේ. මෙහිදී ඔවුන් පැලෑටි ප්‍රචාරණය යන සරල ක්‍රමය භාවිතා කරයි. පැක්ටිකල් ඇක්ෂන් වැනි අනිකුත් සංවිධාන කොරල් පර ප්‍රතිසංස්කරණ කටයුතු කෙසේ සංවිධානය කළ යුතුද යන්න පිළිබඳව තොරතුරුමය ලේඛනයක් මහජනයා වෙත නිකුත් කර තිබේ.



වවුල්පනේ හුණුගල් ගුහාව 2


     වවුලන්ගෙන් පිරුණු ගුහාවක මුව විටේ කූඩාරම් ගසා ගෙන රැයක් ගතකිරීම ගැන අත්දැකීම් අපට ඇත්තේය. ඒ නකල්ස් රක්ෂිතයේ පිහිටා තිබෙන වෙඩිලුණු ගුහාව නැරඹීමට ගිය චාරිකාවේදිය. වවුල්පනේ හුණුගල් ගුහාව නැරඹීමට යාමේ චාරිකාවට අඩිතාලම වැටුනේද එම චාරිකාවේදීමය.

        ගමන සංවිධානය කරන අවස්ථාවේදී 8 දෙනෙකු පමණ සහභාගී වන බව පැවසුවත් අවසානයේ චාරිකාවට සහභාගි වූයේ සය දෙනෙකු පමණය.  ගමන ආරම්භ වන්නේ මහරගම මාතර කඩය අසලිනි. උදෑසන 4.15ට කොළඹින් පිටත් වන මාර්ග අංක 122 ඇඹිලිපිටිය බසය මහරගමට පැමිනෙන විට 4.45 පමණ වන්නට ඇත. ඒ බසයට ගොඩවුනු අපිට කෙටි දුරකදී වාඩි වීමට ආසන ලැබුනේය. වේගයෙන් ගමන් කල බස් රථය තුංතොට මංසන්ධියට පැමිනෙන විට උදෑසන 8.15 පමණ වන්නට ඇත.

                 මෙතැන් සිට වවුල්පන හුණු ගල් ගුහාව දක්වා කිලෝ මීටර් 13 පමණ දුරක් ගමන් කිරිමට ඇත. මුල් කිලෝ මීටර් 10 සදහා බස් රථයක් ධාවනය වන නමුත් අප ගමන් ගන්නේ පොහොය දිනයක නිසා බස් රථ ධාවනය පවතින්නේ අවම මට්ටමක බව අසල වූ කඩයකින් විමසීමේදී දැනගන්නට ලැබුනේය. බසයක් එනතුරු බලා සිටීම කාලය කා දැමීමක් වන නිසාවෙන් අපි  පා ගමනින් යාමට තීරණය කලෙමු. කිලෝ මිටර් 2ක පමණ දුරක් පයින් ගමන් කල අපිට ඒ මාර්ගයේ ගමන් කල ලොරියක් නවත්වා ගැනීමට හැකියාවක් ලැබුනේය. ලොරියේ සුලු දුරක් ගමන් කරන විටය අපිට කල ගොන් කමක මහත තේරුනේ. අලුත්වැඩියා කරමින් පවතින දුශ්කර මාර්ගයක ලොරි රථයේ රියදුරා හැටට හැටේ පාගන්නට වූයේය. අප අමාරුවෙන් පිටුපස එල්ලී ගෙන සිටියෙමු. විනඩි 15කින් පමණ අපට වවුල්පනේ සංවර්ධන මාවත අසලින් බැස ගැනීමට හැකි වුනේය.

             එතැන් සිට වවුල්පනේ ගුහාව දක්වා කිලෝමීටර් 3ක දුර යා යුත්තේ පා ගමනින්ය. කොන්ක්‍රීට් දමා සකස් කරන ලද මාර්ගයක් වුවත්  ෆෝ වීල් වාහන හැර අනෙක් වාහන ඒ මාර්ගයේ ගමන් කිරිම අතිශය දුශ්කර වනු ඇත. කිලෝ මීටර් 3ක් වූ සමස්ථ දුරෙන් කිලෝ මීටර් 2.5 පමණම ඇත්තේ දල බෑවුමක්ය. තැනින් තැන වවුල්පන හුණුගල් ගුහාවට පාර කියන නාම පුවරු දක්නට තිබුනේය. අවසාන මීටර් 500ය පමන යාමට ඇත්තේ අඩි පාරක්ය. ඒ අවට පරිසරය අතිශයින් සුන්දරය. වවුල්පනේ හුණුගල් ගුහා එතරම්ම සංචාරක ආකර්ෂණය දිනාගෙන නැති නිසාදෝ සුන්දර පරිසරය අසුන්දර කරවන කුණු ගොඩවල් නම් දක්නට නැත. නමුත් ඉදහිට තැනක දෙකක පොලිතින් කවර නොතිබුනාම නොවේ. අඩි පාර දිගේ ගමන් කල අපිට පාර දෙකට බෙදෙන ස්ථානයකදී යා යුතු දිශාව තීරණය කරගත නොහැකි වූයේය. දිනුක විසින්  නිවැරදි මාර්ගය සොයා ගැනීමේ වගකීම රුපියල් දෙකේ කාසියකට පැවරූ අතර, කාසිය පෙන්වූ දිශාව නිවැරදි නොවන බව අපි විසින් සොයා ගන්නා ලදී. හිරු රැස් බිමට නොවැටෙන තරම් ගන වූ තුරු වියනක් යටින් සොඳුරු වටපිටාවක සිරි නරඹමින්  ගමන් කිරීම එතරම් අමාරු කාර්යයක් නොවන නිසා හොඳය, පොඩි වටයක් ගැසූ අපි   නැවතත් නිවැරදි මාර්ගයට අවතීර්ණ වුයෙමු. තවත් මීටර් 200 පමණ ගමන් කිරිමෙන් පසුව අඩිපාරේ වම් පසට වෙන්නට පහලට බැසිම පහසු කරවන්නට බැද ඇති පඩිපේලියක් තිබූ අතර ඒ ඔස්සේ ගමන් කිරීමෙන් හුණුගල් ගුහාව නැරඹුම් වේදිකාව මතට පැමිනිමට හැකිවිය.


              වේදිකාව මතට පැමිණි විට ගුණුගල් ගුහාවේ මුවවිට හොදින් දර්ශනය වූයේය.


 හනි හනිකට සූදානම් වූ අපි, බෑග් මලුද කරගසාගෙන  විදුලි පන්දම් සූදානම් කරගෙන ගුහාවේ ඉදිරිපස පිවිසුම් දොරටුව වෙත ගමන් කලෙමු.
       
 ගුහාවට ඇතුල් වීම තරමක් දුශ්කර වූයේය. ඇතුල් වන මාර්ගය හරහා ගලා ගිය හල්විනි  ඔය නිසාවෙන් ගුහා මුවවිටේ තිබූ ගල් ලිස්සන සුලු වූ අතර ඒ මත වැටි තිබූ වවුල් වසුරු ඒම ලිස්සන සුලු බව දෙගුණ තෙගුණ කලේය.

      ලිස්සන සුලු බව නිසාම අප ගමන් කලේ පාවහන් රහිතවය. මුලින් මුලින් අපි එම වවුල් වසුරු වලින් වැසි තිබූ ගල් ඇල්ලීමට මැලි කමක් දැක්වූවත්, පසුව එසේ නොකර බැරි තත්වයක් ඇති වූයේය. සමහර තැන් වල අඟල් තුනක් හෝ හතරක් පමණ ගනකමට වවුල් වසුරු තට්ටුවක් තිබුනේය. දැන දැන වුවත් අපට එවැනි ස්ථානයන් වලද ගමන් කිරිමට සිදු වූයේය.  පයට පැගේදිද් පයේ ඇඟිලි කරු අතරින් චිරිස් හඩක් නගිමින් වවුල් වසුරු මතු වන්නේය. දෙපස හුණුගල් බිත්ති මත දහස් ගනනකගෙන් සැදුම් ලත් කැරපොත්තන්ය.

 හිසට ඉහලින් පියාඹන්නේ වවුලන්ය. (වවුප්පනේ මිලියනයකට අධික වවුලන් ප්‍රමාණයක් වාසය කරතැයි සැලකේ) ගුහාවේ වහලයෙන් සිහින් දිය බිඳු වෑස්සෙයි. දිය බිඳු අතරටම මුසුව වැටෙන වවුල් වසුරුද නිමක් නැත.

              ගුහාව තුලට මද දුරක් ගමන් කල විටය අභ්‍යන්තර දිය ඇල්ල හමු වන්නේ. අඩි 60ක් පමණ උස වූ එම දිය ඇල්ල අලංකාර දර්ශනයක් මවා පාන්නේය. (ආසියාවේ දෙවන උසම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල ලෙස සැලකේ)

          දිය ඇල්ල පසු කර මදක් දුර ගමන් කිරීමෙන් ගුහාවේ අනෙක් පස පිහිටි දොරටුවෙන් පිටතට පැමිනිමට හැකියාව ලැබෙන්නේය. නමුත් ඒ සදහා වවුල් වසුරු පිරුනු ජල තටාකයක අඩි 4ක් හෝ 5ක පමණ ගැඹුරේ බැස ගමන් කිරිමට සිදුවන්නේය.

 නෙතෙමෙන පිනිස බෑග් මලු කරේ තබාගෙන අපි ඒ වවුල් වසුරු මුසුවූ ජලයේ ගමන් කලෙමු.  දියට බැසගත් පසු පිටවිමේ දොරටුව දර්ශනය වෙයි.

එයත් පහසු ගමනක් නෙවේ.  පිටවිමට නම් ජලයේ දනගාමින් ගමන් කල යුතුය.

  නැවතත් හිරු එළියට පැමිනිමෙන් පසුවය අපට අපේ තත්වය වැටහුනේ. ඇඳුම් වල, බෑග් වල මෙන්ම විදුලි පන්දම් වලද වවුල් වසුරු ගෑවී තිබුනේය. මැක්කන්ද සිටියේය. ජලයේ බැස ගමන් නොකලානම් තවත් මැක්කන් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ලැබෙන්නට ඉඩ තිබුනේය.

       අවට පරිසරය රූස්ස ගසින් පිරුන වැසි වනාන්තරයක සිරියක් ගත්තේය. නම් නොදන්නා මුත් සමහර වෘක්ෂයන් අඩි 100කටත් වඩා උස වුයේය.

     අපගේ ගමන් මග වැටී තිබුනේ අප තරණය කල හුණුගල් ගුහාවේ වහලය මතිනි. හුණුගල් ගුහාව ගවේශනයෙන් පසු අප මේ යන්නේ කිවුල් දිය උල්පත සොයාය.   උල්පත සොයා යන අපිට මුලින්ම හමු වූයේ පීල්ලකි.

කිවුල් දිය නෑමට පහසු වනු පිනිස සකස් කර ඇති මේ පීල්ල සකසන්නට ඇත්තේ මේ කිවුල්  ජලයට සමේ රෝග සුව කිරීමේ හැකියාවත් ඇතැයි සැලකෙන නිසා වන්නට ඇත. පීල්ල ට තරමක් ඉහලින් කිවුල්දිය උල්පතත්.

 තරමක් පහලින් කිවුල් ජලය හුණුගල් ගුහාවට ඇතුල්වන ස්ථානයත් දක්නට පිළිවන.

 ඒ ඇතුල් වන ජලයෙන්ය සුන්දර වූ අභ්‍යන්තර දිය ඇල්ල නිර්මාණය වන්නේ.

කිවුල් දිය නෑමෙන් පසු අප නැවතත් ගමන් ආරම්භ කලේ යෝධයා කැපූ වල නමින් හදුන් වන ජල තටාකයක් සොයාය.   හුණුගලු ගුහාව සොයා ආ මාර්ගයේ ආපස්සට ගමන් කිරීමෙන් එම ස්ථානය සොයා ගැනීමට හැක. අඩි පාරෙන් තවත් අතුරු පාරකට හැරී වනය තුල සුලු දුරක් ගමන් කිරීමෙන් පසුවය අපට යෝධයා කැපූ වල හමුවූයේ.  හල්විනි ඔයේම එක්තරා ස්ථානයක අඩි 10ක පමණ විශ්කම්භයක් ඇති වෘත්තාකාර වලක්ය මේ නමින් හැදින්වෙන්නේ.

මිනිස් අතකින් සැදුවක් තරම්ම අපූර්ව වූ නිර්මානයක්  නිසාවෙන්ම ගම්වාසීන් මේ ස්ථානය යෝධයා කැපූ වල නමින් හදුන්වන්නට ඇත.

අප දෙවන වරටත් මේ ස්ථානයෙන් දිය නෑවෙමු.

වවුල්පනේ සංවර්ධන මාවත දිගේ කිලෝ මිටර් 3ක පමණ දුර පා ගමනින්ද, එතැන් සිට මාර්ගයේ ගමන් කල ලොරි රථවල පිහිටෙන් හා දෙපයේ පිහිටෙන් පල්ලේබැද්ද තුන්තොට මංසන්ධියටද, එතැන් සිට බස් රථයකින් මහරගමටද පැමිනීමෙන් චාරකාව නිමා විය.

බ්ලොග් අඩවියේ නිල ඡායාරූප ශිල්පී චින්තාගේ ඡායාරූප ඇල්බමය.
ඉන්දුගේ ඡායාරූප ඇල්බමය.
දිනුකගේ ඡායාරූප ඇල්බමය.

ගමනට මග පෙන්වූ බ්ලොග් අඩවි

නඩේ ගුරා 
අපේ පරිසරය
ලක්දසුන්  (The Caving Expedition – Waulpane )
                (Investigating the Waulpane (Wawulpane) Lime stone cave)
                ( 3 Day Trip to Waulpane ,Pitadeniya Conservation Center via Sinharaja (වන නිවහන)

          

වවුල්පනේ හිරිගල් ගුහාව - කාස්ට් භූ රුප



මෙය උපුටා ගන්නා ලද ලිපියකි !!!!!!
ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් සේම ජෛව විවිධත්ව පාරිසරික සම්පතක් වූ වවුල්පන හුණූගල් ගුහාව අපට හිමි මහගු පාරිසරික දායාදයකි. මෙම ස්ථානය මෙරටට ආවේණික වූ වවුලන් වර්ග 7 ක්ද ඇතුලත්ව වවුලන් ලක්ෂ 10 කගේ පමණ වාසස්ථානය වන අතර, මෙම ස්වාභාවික ගුහාව තුළින් දිය පහරක් ගලා යයි. ගුහාව තුළ පිහිටි අභ්‍යන්තර දිය ඇල්ල අපට ඉතාම සුවිශේෂ වූ අත්දැකීමක් ලබා දේ. මෙය සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇත. රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලේබැද්ද තුංතොට හංදියෙන් හැරී බුළුතොට මාර්ගයේ කිලෝ මීටර් 10 ක් පමණ ගමන් කිරීමෙන් පසු මෙම ස්ථානයට ලගා විය හැකිය. එසේම සූරියකන්ද – කොලොන්න මාර්ගයේ බුළුතොට හංදියෙන් හැරී පල්ලේබැද්ද දක්වා වූ මාර්ගයේ ගමන් කිරීමෙන්ද මේ වෙත ලගා විය හැකිය.
පිවිසුම් මාර්ගය
ඔබ ගමන් ගන්නා කුමන හෝ වාහනයක් වවුල්පන ගම්මානය තෙක් ගමන් කල හැකි වේ. ඉන්පසු එතැන් සිට ඔබට ගමන් කිරීමට සිදු වන්නේ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් තුළ ගස් සෙවන යටින් දිව යන අඩිපාරක් ඔස්සේය. එසේ කිලෝ මීටරයක් පමණ දුරක් ගමන් කිරීමෙන් පසු හුණුගල් ගුහාව පිහිටි ස්ථානයට ලගා විය හැකිය. මෙම හුණුගල් ගුහාව උප ගුහා 10 කට අධික ප්‍රමාණයකින් සමන්විත වූ ගුහා පද්ධතියකි. මෙහි පිවිසුම් දොරටුව තුළින් මෙම ගුහාව තුළට වවුල්පන දොළ ගලා යයි. ගුහාව තුළට ඇතුල් වන එම දොල උමං මග ඔස්සේ මීටර් 500 ක් පමණ ගලා ගොස් ගුහාවේ පිටවීමේ දොරටුව තුළින් මතු වේ.
ලිස්සන සුළු ගුහාව තුළ ගමන් කිරීම
මෙම වවුල්පන ගුහාව අභ්‍යන්තරය ඉතාමත් අදුරුය. කිසිදු ආලෝකයක් නොවැටේ. එබැවින් ඒ තුළ සිය වාසස්ථානය කරගත් වවුලන් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් වාසය කරන බව සොයාගෙන ඇත. මෙහි ඇති වවුලන්ගෙන් වවුලන් වර්ග 7 ක් මෙරටට ආවේණික වවුලන් වේ. සවස 6 ට පමණ ගුහාවෙන් පිටත්වන වවුලන් නැවත උදෑසන මෙම ගුහාව කරා ලගාවෙති.
ගුහාව තුළ දර්ශනයක්
ඔබ මෙම ගුහාව තුළට ගමන් කරන්නේ නම් හොද ආලෝකය ලබා ගැනීමේ මාධ්‍යක් රැගෙන යා යුතුය. මෙම ගුහාව තුළට පිවිසුම් දොරටුවෙන් ඇතුල් වූ පසු එම ගුහාව අඩි 40 – 50 ක් පමණ උසට විහිදී යයි. ඒ තුළ විවිධාකාර දිසාවන්ට විහිදී ගිය උප ගුහා ගනනාවක් දැකිය හැකිය. හුණුගල් වලින් සකස් වී ඇති අපූර්වතම නිර්මාණයක් වන මෙම ගුහාව තුළ හිරිලඹ හා හිරිටැඹ දැකගත හැකි වේ.
ගුහාව තුළ දර්ශනයක් (හිරිලඹ)
විදුලි පන්දම දල්වන සෑම දිසාවකම ඇත්තේ දහස් ගනනින් වවුලන්ය. ආලෝකය ලැබීමත් සමග කලබල වන වවුලන් ගුහාව තුළ ඉගිලී යති. ගුහාව තුළ ඇති හිරිලඹ හා හිරිටැඹ ඉතා අලංකාර දර්ශනයක් ඇති කරයි. මේ කරා ලගාවන අයකුට දැකගැනීමට සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ දසුන් ගනනාවක් දැක ගැනීමේ වාසනාව හිමි වේ.
ගුහාව තුළ දර්ශනයක් (හිරිලඹ)
එසේම ඔබ ගුහාව තුළට ගමන් කිරීමට අදහස් කරන්නේ නම්, ඒ සදහා වෙනම ඇදුමක් හා තොප්පියක් රුගෙන යාමට අමතක නොකරන්න. වවුලන් ලක්ෂ ගනනක් ඔබගේ හිසට ඉහලින් සිටින බැවින් ඔබ මේ තුළට ගමන් කිරීමේදී අදින ඇදුම පිටතට පැමිණි සැනින් සෝදා ගැනීමට ඔබට සිදුවනු ඇත.
ඇලි (සුදු) කරපොත්තන්
වවුලන්
එසේම මේ ගුහාව තුළ මීයන් සහ කරපොත්තන් ඉතා විශාල ප්‍රමාණයක් ජීවත් වෙති. ඔබට ඔවුන් හමුවන්නේ ඔබ ගුහාව තුළට ගමන් කරන්නේ නම් පමණි. මේ තුළ ඉතා දුර්ලභ ඇලි කරපොත්තන් (සුදු කැරපොත්තන්) දැකිය හැකි වේ. වවුලන්ගේ මලපහ සහ ජලය මිශ්‍ර වීම නිසා මෙම ගුහාව තුළ වන ගල් ලිස්සන සුළු ‍බවට පත්ව ඇත. එබැවින් ඉතා දුෂ්කර ගමනකින් පසු ඔබට ගුහාව තුළින් ගමන් කර ගුහාවේ පිටවන දොරටුව වෙත ගමන් කිරීමට හැකි වනු ඇත. එසේ ගුහාව තුළින් ගමන් කිරීම අපහසු වන්නේ නම්, නැවත පිටතට පැමිණ ගුහාවේ පිටවන දොරටුව තුළින් නැවතත් ගුහාව තුළට ගමන් කිරීමට හැකි වේ.
රූක්ෂ ගස් අහස උසට
මෙම ගුහාව තුළට ගමන් කරනා ඔබට දැක ගැනීම සදහා තවත් ඉතාමත් දුර්ලභ දර්ශනයක් ඇත. එනම් ලංකාවේ දැකගැනීමට ඉතාමත්ම දුර්ලභ වන්නා වූ ගුහාව තුළ පිහිටි අඩි 30 කටත් වඩා උස වූ අභ්‍යන්තර දිය ඇල්ලකි. ගුහාව තුළට වෙනත් දිශාවක ඇති උමගක් තුළින් ඇතුල් වන දිය පහරක් අඩි 30 ක් වැනි උසක සිට පහලට ඇද වැටී ඉතා අලංකාර අභ්‍යන්තර දිය ඇල්ලක් නිර්මාණය කරයි. මෙම දිය ඇල්ල වසරේ සෑම කාලයකම එක හා සමානව ඇද වැටේ. අවාසනාවකට මෙන් මෙම දිය ඇල්ලේ ඡායාරූප ඔබ වෙත ගෙන ඒම සදහා අප රැගෙන ගිය ආලෝකය ප්‍රමාණවත් නොවුනි.
මෙහි පිවිසුම් දොරටුවෙන් නැවත පිටපත පැමිණි පසු ඉතා ඉහල අහස කරා යොමු වූ රූක්ෂ ගස් වලින් හෙබි කැලය මැදින් වැටී ඇති මගක් ඔස්සේ මෙම ගුහාවේ පිටවීමේ දොරටුව වෙත ලගා විය හැකිය. ඉතාමත් දැවැන්ත ගස් වලින් හෙබි අලංකාර ස්වාභාවික පරිසර පද්ධතියක් මැදින් ගමන් කිරීමෙන් පසු, ඉතාමත් දුෂ්කර ගමන් මගක් ඔස්සේ මෙම පිටවීමේ දොරටුව වෙත ගමන් කල හැකිය.
අලංකාර පරිසරය
පිවිසුම් දොරටුව තුළින් ගුහාව තුළට ඇතුල් වූ වවුල්පන දොල නම් වූ දිය පහර ගුහාව තුළින් ගමන් කර, අභ්‍යන්තර දිය ඇල්ලෙන් එකතු වන ජලයෙන්ද පෝෂණය වී මෙම පිටවීමේ දොරටුව තුළින් පිටතට ගලා යයි. මෙම පිටවීමේ දොරටුව තුළින් දිය පහර මැදින් ගුහාව තුළට ගමන් කිරීමෙන් පසු පෙර කී අභ්‍යන්තර දිය ඇල්ලේ පාමුලට පැමිණිය හැකිය.
පිටවීමේ දොරටුව
වවුලන්
එසේ ගුහාව තුළට ගමන් කරන්නේ නම් ඔබගේ ශබ්දයන්ගෙන් අවදි වී ගුහාවේ දොරටුව තුළින් පිටතට පැමිණෙන වවුලන් ශරීරයේ වැදීමෙන් ආරක්ෂා වීම සදහා ගුහාව තුළට ගමන් කල යුත්තේ පිටුපසට ගමන් කරන ආකාරයටය.
සත්ව පොසිලයක්
එසේම, මෙම ගුහාවේ පිටවීමේ දොරටුව ආසන්නයේ ප්‍රදේශවාසීන් විසින් සත්ව පොසිලයක් යැයි හදුන්වන යමක් පවතී. ගුහාව ආසන්නයේම පසට යටවී ඇති මෙය සමීපව පරීක්ෂා කිරීමේදී එය යම් සතෙකුගේ පොසිලයක් බව නිගමනය කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු සොයා ගත හැකි වේ. කෙසේ හෝ මෙම ගුහාව ආසන්නයේ හමුවන සාධකයන් හා නිරීක්ෂණය කිරීමේදී මෙම සත්ව පොසිලය වසර දහස් ගනනක් පැරණි විය හැකි බව විශ්වාස කල හැකිය. එසේම ඉන් මදක් ඔබ්බෙහි වූ ගල් පවුරු ආශ්‍රිතව ශාක පත්‍ර පොසිලයන්ද දැක ගත හැකි වේ. මෙම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී වසර දහස් ගනනක ඓතිහාසික තොරතුරු හා සාක්ෂි දැක ගත හැකි වනු ඇත.
එසේම ඔබට මෙම ගල් පවුරු ආශ්‍රිතව වර්ධනය වන හෝ ක්ෂය වී යන කිරිගරුඩ පාශානයන්ද දැක ගැනීමට හැකි වනු ඇත.
පත්‍ර පොසිලයක්
කිරිගරුඩ
මෙම ස්ථානයෙන් මෑත් වී මෙම ගුහාව පිහිටි කන්දේ වෙනත් පෙදෙසකට ගමන් කිරීමේදී අපට කිවුල් දිය උල්පත දැක ගැනීමට හැකි වේ. පොලව තුළින් මතුවන අගල් 10 කට වැඩි දිය පහර කිවුල් රසයෙන් යුක්තය. මෙම උල්පතේ ජලය වසරේ සෑම කාලයකදීම කිසිදු අඩු වැඩි වීමක් නොමැතිව එකම ප්‍රමාණයකට ගලා එන බව ප්‍රදේශවාසීන් පවසති.
කිවුල් දිය උල්පත
මෙම ජලය මද දුරක් ගමන් කිරීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් දිය නෑම සදහා සකස් කරන ලද පීල්ලක් දැක ගත හැකි වේ. එසේ ගමන් ගන්නා ජලය මද දුරක් ගමන් කර පොලොවේ ඇති විවරයත් තුළින් නැවතත් පොළොව අභ්‍යන්තරයට ගලා යයි. එම විවරය තුළින් කෙනෙකුට ඇතුලට ගමන් කිරීමට හැකි වේ. මෙසේ ගමන් කරන ජලය පෙර කී ගුහාව තුළ වූ අභ්‍යන්තර දිය ඇල්ල නිර්මාණය කරයි. මෙම ජලය පොළොව තුළට ගමන් ගන්නා විවරය පිහිටා ඇත්තේ ගුහාවේ මුදුනට වන්නටය. එබැවින් ‍එසේ පොළොවේ විවරය තුළින් පොළොව අභ්‍යන්තරයට ගලා යන උල්පත් ජලය ගුහාවේ මුදුනේ සිට අඩි 30 ක් පමණ පහලට ඇද වැටී ගුහාව තුළ අභ්‍යන්තර දිය ඇල්ලක් නිර්මාණය කරයි. මෙම ජලය ගමන් ගන්නා විවරය තුළින් කඔයක ආධාරයෙන් ඇතුලට ගමන් කලහොත් දිය ඇල්ලේ මුදුනට ගමන් කල හැකි වේ. එම දිය ඇල්ල මුදුනේ සිට දෙපසට තවත් උප ගුහා දෙකක් දැක ගත හැකි වේ. එම උප ගුහාවන්ද වවුලන්ගේ වාසස්ථාන බවට පත් වී ඇත.
කිවුල් දිය ජලය අභ්‍යන්තර දිය ඇල්ල වෙත උමග තුළින්
මෙම චාරිකාවේ අවසාන අදියර වන්නේ ගුහාව තුළ ගමන් කිරීමෙන් පසු පිරිසිදු වීම සදහා දිය නෑමට ඇති ස්ථානයයි. ඒ සදහාද කදිම ස්ථානයක් මෙම ස්ථානයේ පිහිටා ඇත. මෙය ඇත්ත වශයෙන්ම ස්වාභාවික නිර්මාණයක්ද, මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කල නොහැක. ප්‍රදේශවාසීන් විසින් “යෝධයා කැපූ වල” නමින් හදුන්වන මෙම ස්ථානය 5 – 6 දෙනෙකුට පමණ එකවර දිය නෑ හැකි ජල තටාකයකි. ගුහාව තුළින් ගමන් කිරීමට ප්‍රථමයෙන් වවුල්පන දොල නැමැති දිය පහරේ හමුවන මෙම ස්ථානය ගුහාවට ඉහලින් පිහිටි ස්ථානයකි. එම ඉතා ආරක්ෂාකාරීව දිය නෑම සදහා සුදුසු ගැඹුරකින් යුතුව සකස් වී ඇත. ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශ කරන පරිදි මෙය යෝධයකු විසින් සකස් කරන ලද ස්ථානයකි. කෙසේ හෝ අසාමාන්‍ය ලෙස වටේට පිහිටා ඇති ගල රවුම් ලෙසට හාරා සකස් වී ඇති අතර, ඉතා පිරිසිදු හා සිසිල් ජලයෙන් දිය නා පිරිසිදු වී ඔබගේ චාරිකාව නිමා කල හැකි වේ.
යෝධයා කැපූ වල
ඉතා අලංකාර හා විශ්මිත ස්වාභාවික නිර්මාණයක් සේම ජෛව විවිධත්වය අතින් අපගේ උරුමයක් වූ මෙම පරිසර පද්ධතිය හෙට පරපුර සදහාද ආරක්ෂා කර දීම ඔබ අප සැමගේ වගකීමක් බව අදිටන් කර ගන්න. පා සලකුණක් හැර කිසිවක් මෙම පරිසර පද්ධතියට එක් නොකරන්න. ඡායාරූපයක් හැර කිසිවක් මෙයින් ඉවතට රැගෙන නොයන්න.